අවුරුදු ගිනිකෙළි නිසා හෘද්‍යාබාධයෙන් කුරුල්ලන් දහස් ගණනක් මියයයි

අලුත් අවුරුදු දිනයේදී ඉතාලි අගනුවර බොහෝ අය ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමෙන් පසු කුරුල්ලන් සිය ගණනක් මිය ගිය බව සත්ව අයිතිවාසිකම් කන්ඩායම් ප්‍රකාශ කරනවා.
එය “සමූල ඝාතනයක්” ලෙසයි ඔවුන් චෝදනා කරන්නේ.
රෝමයේ ප්‍රධාන දුම්රිය ස්ථානය අසල වීදිවල දර්ශනවලින් කුරුල්ලන් සහ තරු පැටවුන් මිය ගොස් බිම වැටී විසිරී තිබෙන අයුරු දිස්වුණා.
සංවිධානයේ ප්‍රකාශිකාවක් වන ලොරෙඩානා ඩිග්ලියෝ පැවසුවේ ඔවුන් බියෙන් මියගොස් ඇති බවයි.
ඔවුන්ට එකට පියාසර කරද්දී සිහිසුන් වීමෙන් එකිනෙකා ගැටීමෙන් වැටී මියයා හැකි බවත් , නැතහොත් ජනේල හෝ විදුලි රැහැන්වල පැටලී මියයා හැකියි.
"හෘදයාබාධවලින්ද ඔවුන් මිය යා හැකි බව අපි අමතක නොකරමු." ඇය සදහන් කරයි.
සෑම වසරකම ගිනිකෙළි සංදර්ශන මගින් වන සතුන් සහ ගෘහාශ්‍රිත සතුන්ට කරදර හා තුවාල සිදු වන බව ඇය කියා සිටියා.
ගිනිකෙළි සංදර්ශනය රෝම නගරය විසින් පනවා තිබූ තහනම උල්ලංඝනය කිරීමක් වූ අතර එය නොසලකා හරින හැර තිබෙනවා.
රෝම නගරය පුද්ගලික ගිනිකෙළි සංදර්ශන තහනම් කර තිබියදීත්, එමගින් අසාමාන්‍ය ලෙස කුරුලු මරණ සිදුවීම බහුලව සිදුවී ඇති බවත්, OIPA හි ඉතාලි ශාඛාව සතුන්ට ඇති තර්ජනය උපුටා දක්වමින් පුද්ගලික භාවිතය සඳහා රතිඤ්ඤා සහ ගිනිකෙළි විකිණීම තහනම් කරන ලෙස ඉල්ලා සිටිනවා.
805 Views
Comments