දින 04 කට පසු නාය ගිය ගම්මානයෙන් සිරුරු මතුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

දින 04 කට පසු නාය ගිය ගම්මානයෙන් සිරුරු මතුවෙයි

දින 04 කට පසු නාය ගිය ගම්මානයෙන් සිරුරු මතුවෙයි

නෝවීජියානු ගම්මානයක සිදුවූ නායයාමකින් දින හතරකට පසුව දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත කණ්ඩායම් වලට මළ සිරුරු දෙකක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. පසුගිය සෙනසුරාදා වනතෙක් අතුරුදන් පුද්ගලයින් පිළිබඳ කිසිදු සලකුණක් හමුවී නැහැ. එහෙත් නයා යාම සිදු වූ අවස්ථාවේදී සිටි බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් 8 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ASK (අස්ක්) නම් මෙම ගම්මාන නායයාම මෑත ඉතිහාසයේ නෝර්වේ රාජ්‍යය මුහුණ දුන් දරුණුතම සහ පුරවැසියන් කම්පනයට පත් කළ ඛේදවාචකයක් බවයි සැලකෙන්නේ. ජනතාව පන්දහසක් පමණ වාසය කරන අස්ක් ගම්මානය කඳුකර ශීත කාලගුණයක් පවතින ප්‍රදේශයක්. මේ වන විට හෙළිකොප්ටර් සහ ඩ්‍රෝන යානා වලින් තාපය හඳුනාගැනීමේ කැමරා සහිතව පියාසර කරමින් භූමියේ සුන්බුන් අතර සිරවූවන් සිටීදැයි සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

views

741 Views

Comments

arrow-up