ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට ඉන්දියාවේ පෙරහුරුවක්

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් බෙදාහැරීමේ හා ලබාදීමේ පෙරහුරුවක් අද ඉන්දියාවේ දී අත්හදා බලා තිබෙනවා. සෑම ප්‍රාන්තයක් ම ආවරණය වන පරිදි එන්නත් ලබාදීම අධීක්ෂණය කිරීම සඳහා මෙන්ම දත්ත ඇතුලත් කර පද්ධතියක් යාවත්කාලීන කිරීම ශීත ගබඩා පවත්වාගෙන යාම එන්නත් ප්‍රවාහන කටයුතු සහ පරික්ෂා කිරීම ආදී කටයුතු ද හිදි අත්හදා බලා තිබෙන බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ඉන්දියාවේ ඖෂධ නියාමනය කිරීමේ විශේෂඥයින් විසින් එන්නත් දෙකක් හදිසි භාවිතය සඳහා නිර්දේශ කර තිබෙනවා. එක් ඖෂධයක් වන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදය පදනම් කරගත් ඖෂධය නිෂ්පාදක ඇස්ට්‍රාසෙනෙකා විසින් සංවර්ධනය කරන ලද එන්නත වන අතර අනිත් එන්නද ඉන්දියානු නිෂ්පාදක භාරත් බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙනවා. එම එන්නත් දෙකටම අවසන් අනුමැතිය ලැබෙන තෙක් බලා සිටීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. එන්නත් කිරීමේ වැඩ සටහනේ පළමු අදියරේ දී මිලියන 300 ක ජනතාවට එන්නත් කිරීම සඳහා ඉන්දීය රජය සැලසුම් කර තිබේ.
සෞඛ්‍ය සේවා සහ කොරෝනා මර්දනය සඳහා ඉදිරිපත් වන පෙරටුගාමී සේවකයින්, පොලිසිය සහ හමුදා භටයින් වගේම අවුරුදු 50 ට වැඩි පිරිස ඊට ඇතුළත්. ඉන්දියාව මේ වන විට කොරෝනා ආසාදිතයින් මිලියන 10.3ක් පමණ හඳුනාගෙන ඇති අතර ඇමරිකාවට වඩා ලෝකයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් ඉන්දියාවේ 149,000 කට වැඩි පිරිසක් කොරෝනා වෛරසයෙන් මියගොස් තිබෙනවා.
690 Views
Comments