යේමනයේ ඒඩන් ගුවන්තොටුපලට මාරාන්තික ප්‍රහාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
31

යේමනයේ ඒඩන් ගුවන්තොටුපලට මාරාන්තික ප්‍රහාරයක්

යේමනයේ ඒඩන් ගුවන්තොටුපලට මාරාන්තික ප්‍රහාරයක්

දකුණු යේමනයේ ඇඩෙන් නගරයේ ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි බලධාරීන් පවසනවා.

 

යුද්ධයෙන් විනාශ වූ රටේ අලුතින් පිහිටුවන ලද රජයේ ප්‍රභූවරුන් නිලධාරීන් රැගත් ගුවන් යානයක් අසල්වැසි සවුදි අරාබියෙන් පැමිණ ටික වේලාවකින් අවම වශයෙන් එක් පිපිරීමක් සිදුවිය.

 

තුවාල ලැබූවන් අතර සේවකයින් සහ නිලධාරීන් ද වනවා.

 

නමුත් අගමැතිවරයා කියා සිටියේ තමා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය හොදින් සිටිනා බවයි.

 

මේ බියගුලු ත්‍රස්ත ක්‍රියාව හූති කැරලිකරුවන්ගේ යැයි ඇමතිවරයා චෝදනා කරයි.

 

සෞදි නායකත්වයෙන් යුත් අරාබි රාජ්‍යයන්ගේ සන්ධානයක් වන හූතිවරුන් පරාජය කිරීමට සහ ජනාධිපති අබ්ද්‍රබ්බු මන්සූර් හාඩිගේ පාලනය යථා තත්වයට පත් කිරීම සඳහා මිලිටරි මෙහෙයුමක් දියත් කිරීමත් සමඟ 2015 දී උත්සන්න වූ ගැටුමකින් යේමනය විනාශයට පත්වුණා.

 

මෙම සටනින් 110,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

 

මිලියන ගණනක් සාගතය අද්දර සිටියදී කෝවිඩ් -19 වසංගතයෙන්ද යේමනය වඩාත් අවදානමට ලක්විය.

 

 

 

views

491 Views

Comments

arrow-up