බ්‍රිතාන්‍යයෙන් සොයා ගත නව වෛරස් ප්‍රභේදය ආසියාවටත්

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන B-117 නම් වූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය පළමු වරට ආසියානු රටක් වන සිංගප්‍පුරුවෙන් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රිතාන්‍යයෙන් සිට සිංගප්‍පුරුවට පැමිණීමෙන් පසුව සිදුකළ ජානමය පරීක්ෂණයෙන් මෙම වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසාදිතයා සොයා ගැනීමට හැකිවූ බවයි සිංගප්පුරුවේ රජය නිවේදනය කරනවා
නව ප්‍රභේදය සහිත රෝගියා 17 හැවිරිදී තරුණියක් බවත් මෙම තරුණිය දෙසැම්බර් මස 06 වෙනිදා සිංගප්පුරුවට පැමිණ ඇති අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ දෙසැම්බර් මස 08 වෙනිදායි.
753 Views
Comments