රටවල් 20 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කෙර්

බ්‍රිතාන්‍යය තුල නව වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පැවතීම නිසා ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, සෞදි අරාබිය, ඉන්දියාව, බෙල්ජියම, පෝලන්තය, ඔස්ට්‍රියා, ෆින්ලන්තය, බල්ගේරියාව ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරිමට මේ වන විට පියවර ගෙන ගෙන තිබෙනවා
මෙම නව වෛරස් ප්‍රභේදය දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසය මෙන් 70 ගුණයක් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බවයි බ්‍රිතාන්‍යය විද්‍යාඥයින් පවසනවා.
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වන විට වාර්තා වී තිබෙනවා
98 Views
Comments