අලුත්ම රොබෝ නිළිය එරිකා

හොලිවුඩ් බොලිවුඩය ඇතුළු ලොවපුරා සිනමා කර්මාන්තය ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන්දැඩි අර්බුදයකට ලක් විය. මේ නිසාම දින ප‍්‍රමාද වෙමින් චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීම මේ වනවිට ආරම්භ වී ඇත්තේ ඉතා මන්දගාමී ලෙසයි. මේ නිසාම ලොව පුරා නව සිනමා නිර්මාණ බිහිවන්නේ සෞඛ්‍ය උපදෙස් සහ සෞඛ්‍ය නීතිවලට අනුවය. හොලිවුඩයට එක් වීමට සැරැසෙන නව ජපන් නිළියක් ගැන පුවතක් වාර්තා වන්නේ මෙවැනි අර්බුද අතරතුරය. ඇය නමින් එරිකා වන අතර ඇය ඇමෙරිකන් ඩොලර් මිලියන 70 ක් වැය කර නිර්මාණය වන හොලිවුඩයේ නවතම විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක ප‍්‍රධාන නිළිය ලෙස රඟපෑමට එක්වෙයි.
නමුත් එරිකා සැබෑ නිළියක් නම් නොව ඇය රොබෝවරියකි. එරිකා ජපන් රොබෝවෙක් වන අතර ඇයව නිර්මාණය කර ඇත්තේ ඔසාකා විශ්ව විද්‍යාලයේ රොබෝ පර්යේෂණ ඒකකයේ රොබෝ නිර්මාණකරුවකු වන ආචාර්ය හිරෝෂි ඉෂිගුරෝ විසිනි. මේ සඳහා ඔසාකා විශ්ව විද්‍යාලයේ සහාය පමණක් නොව කියෝටෝ විශ්ව විද්‍යාලයේ සහාය ද ඔහුට හිමිව තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ප‍්‍රතිපාදන ලබා දීම සිදුකර ඇත්තේ ජපාන් විද්‍යා ව්‍යාපෘති සඳහා මුදල් යොදවන ‘ජේ.එස්.ටී. ඉරාටෝ’ පදනම විසිනි.
නමුත් එරිකා ඇවිදින හෝ දුවන පනින හෝ රොබෝවරියක නොව ඇය සැබෑම මානවරූපී රොබෝවෙකි. මේ මානව පෙනුම ඇති එරිකාගේ පෙනුම අවුරුදු 23 ක තරුණියකගේ පෙනුමට සමාන වන අතර එරිකාගේ සම්පූර්ණ සිරුර නිර්මාණය කර ඇති නමුත් චලනය වන්නේ මුහුණ අත් සහ උඩු කය පමණි. ඇයට පාද ඇති නමුත් ඉන් ඇවිදීම කළ නොහැකි අතර ඇය සතුව පරිගණක මොළයක් පවතී. ඇගේ ඇස්වල ඇති කැමරාවලින් පුද්ගලයන් හඳුනාගත හැකි අතර ප‍්‍රශ්න අසන විට මුහුණේ චලනයන් වෙනස් කරමින් ඒවාට පිළිතුරු දියහැක.
මෙම ක්‍රියාවලිය සිදුවන්නේ එරිකාගේ හිසට සවි කළ සංවේදක 14 ක ආධාර කරගෙනය. මෙම රොබෝ නිළිය රංගනයෙන් දායක වන හොලිවුඩ් චිත‍්‍රපටයට තවම නමක් යොදා නොමැති නමුත් එරිකාගේ පරිගණක නිර්මාණ දසුන් ද චිත‍්‍රපයටය ඇතුළත් කිරීමට ඔවුන් අපේක්ෂා කරයි. එබැවින් ඇයට සාමාන්‍ය තරුණියක මෙන් රංගනයේ යෙදිය හැකි අතර චිත‍්‍රපටයේ කතාවට පාදක වන්නේ කෘත්‍රීම රොබෝ යුවතියක නිර්මාණය කරන විද්‍යාඥ කණ්ඩායමක් වටා වන අතර එම විද්‍යාඥ කණ්ඩායම සමඟ රොබෝ යුවතිය පලා යන සිදුවීම එහි ඇතුලත් වේ. ආචාර්ය ඉෂිගුරෝ විසින් නිර්මිත එරිකා 2014 වසරේ සිට ජපන් රූපවාහිනී කතාංගවලත්, විද්‍යා ප‍්‍රබන්ධවල රූපවාහිනී නිවේදිකාවක ලෙසත් රංගනයෙන් දායක වී ඇති බව වාර්තා වේ.
by Dilki Shamani
Photo source : Internet
749 Views
Comments