ස්මාර්ට් වෙන්න කැමති විශ්‍රාමික ඔබට..,
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ස්මාර්ට් වෙන්න කැමති විශ්‍රාමික ඔබට..,

ස්මාර්ට් වෙන්න කැමති විශ්‍රාමික ඔබට..,

වර්තමානය වන විට මිනිසාගේ වැඩ බොහෝමයක් පහසු කරදෙන්නට ජංගම දුරකථනය සමත් වී තිබේ. දිනෙන් දින අලුත් වන නව තාක්ෂණය සමග කටයුතු කිරීමෙන් මිනිසාගේ ජීවිතයේ පවතින සංකීර්ණ දේවල් වඩාත් සරල කර ගැනීමට පුළුවන්. අද වන විට තරුණ පරපුරට පමණක් නොව විශ්‍රාමික ඔබටත් නව තාක්ෂණය හරහා ලබා ගත හැකි පහසුකම් ගණනාවක්ම පවතින බව ඔබ දන්නවාද. එලෙස විශ්‍රාමිකයන් වෙනුවෙන්ම ජංගම දුරකථන සඳහා හඳුන්වා දී ඇති නවතම ඇප් එකක් පිළිබඳව කතා කරන්නටයි මේ සූදානම.

 

 

නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් රාජ්‍ය සේවයට වැඩි වශයෙන් එකතු කළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඒ සඳහා විශ්‍රාමිකයන් වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අද වන විට හැකියාවක් ලැබී තිබේ. විශේෂයෙන්ම විශ්‍රාම වැටුප් ලියා පදිංචි කිරීම, වැන්දබු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය, දායක මුදල් නැවත ගෙවීම, වැන්දඹු අනත් දරු විශ්රාම වැටුප් සැකසීම හා විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම වැනි සේවාවන් online හරහා සිදුකිරීමට හැකියාවක් මෙම නවතම app එක හරහා හැකියාවක් පවතී. මෙවැනි සේවාවන් රැසක්ම online හරහා සිදුකර ගැනීමට හැකියාවක් පවතින නිසාවෙන් මෙරට ජේෂ්ඨ පුරවැසියාගේ කාලයත් ශ්‍රමයත් ඉතිරි කරගැනීමට පුළුවන් වීම විශේෂත්වයක්. මීට අමතරව පසුගිය ජාතික විශ්‍රාම දින උළෙලේදී විශ්‍රාමිකයන් වෙත හඳුන්වා දුන් Sri Lanka pensions ඇප් එක මගින් නිවසේ සිටම තම විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු දැනගැනීමේ හැකියාව විශ්‍රාමිකයන්ට උදාවී තිබේ.

 

 

රාජ්‍ය සේවයට එක්වන විශ්‍රාමික වරප්‍රසාද හිමිවන සෑම නිලධාරියෙකුම රාජ්‍ය සේවයට එක්වන මුල් මාස තුන හතර ඇතුළත වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචි වීම අනිවාර්ය වේ. මෙම ලියාපදිංචිය www.pensions.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැකි අතර විශ්‍රාමිකයාගේ උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, ජාතික හැඳුනුම්පතේ පිටපත්, පත්වීමේ ලිපිය හා කලත්‍රයාගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට අප්ලෝඩ් කිරීමෙන් විශ්‍රාම දෙපාර්තමේන්තුවට යැවිය හැකිය. මේ ආකාරයට දත්ත ඇතුලත් කිරීමෙන් පසු ලබා ගන්නා ලේඛනයන් ඒ පිළිබඳව වන ආවරණ ලිපියක් ද සමග විශ්‍රාම දෙපාර්තමේන්තුවේ වැන්දඹු අනත් දරු අංශයට යොමු කළ යුතු වේ.

 

ඉන්පසුව විශ්‍රාම දෙපාර්තමේන්තුව විසින් අදාළ තොරතුරු පරීක්ෂාකොට වැන්දඹු හා අනත් දරු විශ්රාම වැටුප් අංකයක් නිකුත් කිරීමට කටයුතු කරන අතර එය තහවුරු කිරීමෙන් අනතුරුව ඉහත කී වෙබ් අඩවියට පිවිසීමෙන් වැන්දබු අනත් දරු මුද්‍රිත කාඩ් පතක් ලබා ගැනීමේ හැකියාව විශ්‍රාමිකයන්ට හිමිවේ. අතීතයේ මෙන් නොව නවීන තාක්ෂණය මෙලෙස රාජ්‍ය ආයතන වල වැඩි වශයෙන් භාවිතයට ගැනීමෙන් සාමාන්‍ය ජනතාවගේ කාලය ඉතිරිවන අතර ඔවුන්ට කාර්යක්ශම සුහද සේවයක් ලබා ගැනීමටද හැකියාව උදාවේ. විශ්‍රාම සුවයෙන් ජීවිතයේ අවසාන භාගය ගතකරමින් සිටින ඔබට ඔබගේ වැඩ කටයුතු පහසුකර ගැනීම සඳහා මෙම ඔන්ලයින් සේවාවන් ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.

 

 

 

 

 

 

 

 

 

By : Sachini Sooriyaarachchi

Photo Source : Internet

views

1028 Views

Comments

arrow-up