ඇමසන් හා යූ.පී.එස් ඩිලිවරි ඩ්‍රෝන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

ඇමසන් හා යූ.පී.එස් ඩිලිවරි ඩ්‍රෝන

ඇමසන් හා යූ.පී.එස් ඩිලිවරි ඩ්‍රෝන

කවදාහරි දවසක, ඔබට වාහන යොදා ලබා දෙන පැකේජ එනතෙක් දවස් ගණන් බලා ඉන්නට සිදු නොවෙනු ඇති බව අප පැවසුවහොත්? ඒ වෙනුවට ඩ්‍රෝන් හරහා ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට පහසුකම ඇත්නම්? ඇමසන් වෙබ් අඩවියේ අළුත්ම සූදානම එයයි. එය සැබැවින්ම වෙනසක් එක් කර දෙන බව ඔවුන්ගේ බලාපොරොත්තුවයි. නමුත් ඒවා ඔබ කලින් දුටු ඒවාට වඩා ටිකක් වෙනස් විය හැකිය. මිනිසුන් වටා ක්‍රියාත්මක වීමට රාත්තල් 0.55 (හෝ කිලෝග්‍රෑම් 0.25) ට වඩා බරින් යුත් “ඩ්‍රෝන යානා” ලෙස ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳුදා නව නීති මාලාවන් ප්‍රකාශයට පත් කළේය.

 

 

මෙලෙස ඉදිරිපත් වූ නව නීතිරීති අතර ඩ්‍රෝන යානා සඳහා දුරස්ථ හැඳුනුම්පත් හෙවත් (Remote ID) ලෙස නව පද්ධතියක් හරහා තම අනන්‍යතාවය විකාශනය කිරීමට අත්‍යවශ්‍ය වන අතරම එමඟින් ඩ්‍රෝන යානා සහ ඒවායේ මූලික “පාලන” ස්ථාන සොයා ගැනීම සඳහා මෙය රජයට උපකාරී වනු ඇත. රාත්‍රියේදී ක්‍රියාත්මක වන ඩ්‍රෝන සඳහා විශේෂිත වූ ලයිට් පද්ධතියක් තිබිය යුතු අතර, ඩ්‍රෝන යානාවෙන් මිනිස් සමට හානියක් විය හැකි, “නිරාවරණය වූ භ්‍රමණය වන කොටස්” (කැරකෙන තල වැනි) අංග ඒවායේ නොතිබිය යුතු බවද සඳහන් කර ඇත. ඩ්‍රෝන යානා මෙහෙයවනු ලබන පුද්ගලයින්ට පවා එම යානය ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකදීම ඩ්‍රෝන් නියමු බලපත්‍රයක් තිබිය යුතු බව යන නීති රීති කිහිපයක්ම ඉදිරිපත් කර ඇත “මෙම නව නීති රීති මගින් ඩ්‍රෝන යානා අපගේ ගුවන් කලාපයන්ට තවදුරටත් ඒකාබද්ධ කිරීම සඳහාත් ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමටත් මෙය තුළින් මග සලසයි” යනුවෙන් FAA පරිපාලක ස්ටීව් ඩික්සන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. " මෙවන් කාලයක ආරක්ෂාකාරී මෙන්ම පහසුවෙන් පැකේජ බෙදාහැරීමට ඩ්‍රෝන් වැනි මෙහෙයුම් උපකරණයක් යොදා ගැනීම නිතර නිතර දකින්නට ලැබෙන දිනය අත ළගයි."

 

 

එක්සත් ජනපදය වටා ඩ්‍රෝන් ප්‍රවාහනය සහ ගුවන් ගමන් පිළිබඳ රෙගුලාසි ශක්තිමත් කිරීමේ පියවර මාලාව සඳුදා ප්‍රකාශයට පත් කරන ලදී. ඇමේසන් සහ යූ.පී.එස් යන සමාගම් දෙකම ඩ්‍රෝන් බෙදා හැරීම් අත්හදා බලා ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ මෙම තාක්‍ෂණය ඉතාමත්ම සාර්ථක බවයි. මෙවැනි ඩ්‍රෝන යානා පද්ධති ගැන සඳහන් කරමින් යූ.පී.එස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ " ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් වඩාත් සංකීර්ණ යූඒඑස් මෙහෙයුම් සඳහා ඉඩ සැලසීමේ තීරණාත්මක පියවරක් ගන්නා බවයි. FAA හි මෙම පියවර මගින් ජාතික ගුවන් අභ්‍යවකාශ පද්ධතියට ඩ්‍රෝන යානා ඒකාබද්ධ කිරීම ඉදිරියට ගෙන යනු ඇතැයි සමාගම තවදුරටත් පැවසීය. ඩ්‍රෝන යානා අනිසි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව එක්සත් ජනපද රජය කනස්සල්ල පළ කර ඇති අතර, 2018 දී ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපල වසා දැමීමට පවා ඩ්‍රෝන යානා හේතු වූ සිදුවීම් මාලාවක් පිළිබඳව ඔවුන් මතක් කර තිබුණි.

 

 

නව නීති ක්‍රියාත්මක වීමට වසර දෙකකට වඩා වැඩි කාලයක් ගතවනු ඇති නමුත්, එක්සත් ජනපදයේ විකිණීමට ඇති සිවිල් ඩ්‍රෝන යානා මාස 18 කින් තම ක්‍රියාකාරිත්වය ආරම්භ කළ යුතු බව FAA නිකුතුවට අනුව සඳහන් වනවා. දැනට පවතින ඩ්‍රෝන යානා බීකන් පද්ධතියක් සමඟ නැවතත් සකස් කිරීම අවශ්‍ය වන අතර, ඉදිරි වසර කිහිපය තුළ සියලුම ඩ්‍රෝන යානා මෙම නීතිවලට අනුකූල විය යුතු බවත් ඔවුන් අවසානය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

378 Views

Comments

arrow-up