Nissan සමාගමෙන් ඔන්ලයින් අත්දැකීමක්
Nissan සමාගම සිය Nissan @ home තුළින් online මිලදී ගැනීමේ අත්දැකීමක් ලොව පුරා ලබා දීමට දැනටමත් සූදානම්. එහි මූලාරම්භ වැඩසටහනට සම්බන්ධ වූ අලෙවි නියෝජිතයින් හත්දෙනාට, මෙම වැඩසටහන විශාල ලෙසින් නොසිතූ ආකාරයේ සුභදායී බලපෑමක් ඇති කර තිබේ. පුද්ගලයින් සමඟ සෘජුව සම්බන්ධ වීම හා බොහෝ දේ සිදු කිරීම මේ දිනවල භයානක වනවා. මන්ද ලොව පුරා පැතිර යන Covid - 19 වසංගතය හේතුවෙනි. ඉතින් මේ නිසාම බොහෝ පිරිස් මේ වන විට තම ව්යාපාර අළුත්ම මුහුණුවරක් ඔස්සේ Online ගෙන ඒමට පියවරයන් ගෙන තිබෙනවා. මෙවැනි නවමු ආකාරයට මෝටර් රථ අත්දැකීමක් ලබා දීමට නිසාන් සැලසුම් කර ඇති බව දැනගැනීමට ලැබීම ගැන අපි සතුටට පත් වූයේ එබැවිනි. එනිසාම එහි තතු අප ඔබට ගෙන එන්නට සිතුවා.
පසුගිය සඳුදා නිවේදනය කරන ලද මෙම සේවාව Nissan @ home ලෙස නම් කර ඇති අතර, අනාගතයේ තම සිහින වාහනය මිලදී ගන්නට කැමති ගැනුම්කරුවන්ට කාලසටහනක් සකස් කර එහි ටෙස්ට් ඩ්රයිව් එකක් සම්පූර්ණ කිරීමටත්, මෝටර් රථය මිලදී ගැනීමේ සියලු සාකච්ඡා හා ලිපි ලේඛන කටයුතු අවසන් කිරීමටත්, පාරිභෝගිකයාගේ පරිගණකය හෝ ජංගම උපාංගයෙන්ම ඔවුන්ගේ වාහනය නියමිත වේලාවට ලබා දීමටත් සැලසුම් කර ඇත. සේවා හමුවීම් උපලේඛනගත කිරීම සඳහාත් Nissan @ home භාවිතා කළ හැකිය. මෙම වැඩසටහනෙහි මූලික අදියරෙහි පවතින අතර ෆ්ලොරිඩා, ඉලිනොයිස්, මිචිගන්, ටෙක්සාස් සහ වර්ජිනියා හි අලෙවි නියෝජිතයින් හත් දෙනෙකු ලවා තම ගනුදෙනුකරුවන්ට එය ලබා දීම සිදු කළා. වෙනත් නිෂ්පාදකයින් අන්තර්ජාල මිලදී ගැනීමේ උත්සාහයන්ගෙන් හා සසඳන විටදී හා අප දැක ඇති පරිදි මෙහි ප්රතිඵලය සාමාන්යයෙන් ධනාත්මක විය. එම නිසා සැලැස්ම දැන් රටපුරා ව්යාප්ත වෙමින් පවතී.
" ඔන්ලයින් ශොපින් සමඟ දැන් ලොව සිදුවන්නේ කුමක්දැයි ඔබට පැහැදිලිව පෙනේ. අන්තර්ජාලය හරහා වන මිලදී ගැනීම් අති විශාල වන අතර එය අද වන විට එය පාරිභෝගිකයාට අවශ්යයම හා නැතුවම බැරි අංගයක් වී අවසානය. COVID-19 පැතිර යාමත් සමඟ ඔන්ලයින් මිලදී ගැනීම් වලට ඇති ඉල්ලුම තව තවත් වැඩි වී තිබේ. මෙම ඔන්ලයින් විකුණුම් විසඳුම භාවිතා කළ ගනුදෙනුකරුවන් සමඟ අපගේ විකුණුම් අනුපාතය දෙගුණයක් විය." බැනිස්ටර් නිසාන් හි අයිතිකරු වන ඩෑන් බැනිස්ටර් පැවසුවා. 2021 සිට ඇරඹෙන බෙදාහරින්නන් ගෙන් Nissan @ home සේවාව පාරිභෝගිකයාට ලබා ගත හැකිය. කෙසේ වෙතත්, ඒ වන විට Nissan හි ලොව පුරා අලෙවි නියෝජිත හා බෙදාහරින්නන් කොපමණ ප්රමාණයක් මේ සඳහා සම්බන්ධ වේවිද යන්න දැකබලා ගැනීම සිත්ගන්නාසුළු වනු ඇත.
by Kaushalya De Silva
Photo source : Internet
470 Views
Comments