ඔබගේ WhatsApp ප්‍රොෆයිල් පින්තූරය සඟවන්නේ කෙසේද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

ඔබගේ WhatsApp ප්‍රොෆයිල් පින්තූරය සඟවන්නේ කෙසේද?

ඔබගේ WhatsApp ප්‍රොෆයිල් පින්තූරය සඟවන්නේ කෙසේද?

අපගෙන් බොහෝමයක් දෙනෙකු පුද්ගලිකමය මෙන්ම වෘත්තීය අරමුණු හා අවශ්‍යතා සඳහා WhatsApp භාවිතා කරනවා. සෑම කෙනෙකුම එහි ප්‍රොෆයිල් පින්තූර සදහා තමන්ගේ ඡායාරූප භාවිතා කළද සමහර අයට එය අන් අය නොදකින ලෙස එම පින්තූරය තිබීමට අවශ්‍ය විය හැකිය. අද අප කතාබහ කරන්නේ ඒ ගැනයි. WhatsApp සතුව ඔබගේ පෞද්ගලික ප්‍රොෆයිල් ඡායාරූපය වෙනත් අය දැකීමෙන් සැඟවීමට ඉඩ සලසන Option එකක් Whatsapp තුළ ඇති බව ඔබ දන්නවාද?

 

ඔබේ WhatsApp ප්‍රොෆයිල් පින්තූරය ඔබ සැඟවිය යුතු වන්නේ ඇයි? WhatsApp ප්‍රොෆයිල් පින්තූර සගවා නොමැති නම් ඕනෑම අයෙකුට එම පින්තූරය දැක එහි ස්ක්‍රීන් ශොට් එකක් ගෙන Save කර ගත හැකි වනවා. ඔබ ඔබගේ පවුලේ අය හෝ මිතුරන් නොවන සහ ඔබේ සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති Whatsapp හි සිටිනා ඇතැම් වූ නන්නාදුනන පුද්ගලයින් සමඟ මේ වනවිටත් ඔබ කතාබහ කරනවාත් ඇති. ඔබගේ ප්‍රොෆයිල් ඡායාරූපය ඔබ සඟවා නොමැති නම් ඕනෑම අනවශ්‍ය පුද්ගලයකුට අවශ්‍ය නම් එය දැක බලා ගත හැකිය. කළ හැකි හොඳම දෙය නම් ඔබ නොදන්නා සහ විශ්වාස නොකරන පුද්ගලයින්ගෙන් ඔබගේ මෙම ප්‍රොෆයිල් ඡායාරූපය සැඟවීමයි. එසේම, ඔබේ WhatsApp ප්‍රොෆයිල් ඡායාරූපය ඔබ තෝරාගත් යම් විශ්වාසවන්තම පුද්ගලයින්ට පමණක් දැකීමට ඉඩ සලස්වා දීමයි.

 

ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය WhatsApp හි සඟවන්නේ කෙසේද?

 

 

  •  Whatsapp වලට ගොස් එහි ‘Settings’ වලට යන්න

 

 

  •  එහි ‘Account’ ක්ලික් කරන්න. ඉන්පසු ‘Privacy’ ක්ලික් කරන්න.

  •  දැන් Profile පින්තූරය මත ක්ලික් කරන්න.
  •  මෙහිදී ඔබ “Everyone” ලෙස ඇති Option එක " My Contacts " කියලා ලබා දෙන්න.

 

එයින් ඔබ Save කරගත් දුරකථන අංකවල Whatsapp භාවිතා කරන්නන්ට පමණක් ඔබේ පින්තූරය දැක බලා ගැනීමට හැකි වේ. - කිසිවෙකුටත් ඔබගේ පින්තූරය නොපෙන්වාම තබන්නේ නම්, “Nobody” යන Option එක තෝරා ගත යුතු වනවා. දැන් ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය ඇති ස්ථානයහි ඔබ තෝරාගත් අයට පමණක් පෙන්වා අනෙක් අයට නොපෙන්වා තැබීමට හැකියාව ඇත. එහි Icon එක ලා අළු පැහැති අවටාර් එකකින් සමන්විත වනවා. අවාසනාවට මෙන්, ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය පරිශීලකයින් සමූහයකින් පමණක් ඔබට සැඟවීමට හැකියාවක් නම් නොමැත.

 

 

එයට ඇති තවත් ක්‍රමයක් නම්, එක් හේතුවක් නිසා ඔබට අහඹු ලෙස පණිවිඩයක් යැවීමට සිදුවන පුද්ගලයකුගේ දුරකථන අංකය Save කර නොගැනීමයි. උදාහරණයක් ලෙස, ඔබ සිටිනා ස්ථානය එවෙලෙට පමණක් දැනගැනීමට අවශ්‍ය වූ බෙදාහැරීමේ නියෝජිතයකු වැනි අයෙකුගේ දුරකථන අංකය Save නොකරගැනීම වැනි දේ තුළින් ඔබගේ Whatsapp හී ආරක්ෂාව ද සුරැකෙයි.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

501 Views

Comments

arrow-up