වාහනයකට ඕනම උපාංගයක්- ඩෑෂ් බෝඩ් කැමරා

වාහනයක dashboard එකේ සවි කරන dash කැමරාව වාහනයක තිබිය යුතු අනිවාර්ය අංගයක් බවට පත්වෙලා තියෙනවා. ඒවා ඩෑෂ් බෝඩ් එකේ සවි කරනවට අමතරව ඉදිරි වීදුරුවේ සහ පසුපස බලන කන්නාඩිය වගේ කැමරා ස්ථානගත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වොට් 12ක විතර විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන වාහනය පණගැන්වූ පසුව කැමරාව ක්‍රියාත්මක වෙන සැකසුමක් ඕනෑම dash කැමරාවක තියෙනවා. මේවට අමතරව කැමරාවට අපි යොදන මෙමරි කාඩ් පතේ capacitiy එක අනුව පටිගත වෙන කාලය වෙනස් වෙන අතර අදාල කාලය නිම වීමෙන් පසුව ඒවා මැකී නැවත අලුත් දත්ත පටිගත වෙනවා. කැමරාව භාවිතා නොකරන වෙලාවටත් බලය සපයා කැමරාව ක්‍රියාත්මකව තියෙනවා නම් බොහෝ අවස්ථාවල කැමරාව රත් වෙලා කැමරාව සඳහා වාහනය බැටරියෙන් අමතර බලයක් ඇද ගැනීම වැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මෙම කැමරාවල නීත්‍යානුකූලභාවය පිළිබඳ සමාජයට වැඩිදුර ප්‍රශ්න තියෙනවා. සමහර රටවල් වල මේවට අවසරදී තියෙනවා. සමහර රටවල් වල ඇතැම් ඩෑෂ් කැමරාවලට නීති රීති පනවලා තියෙනවා. මේ ඩෑෂ් කැමරාවක් වාහනයක තියෙන එකේ වාසිය වෙන්නේ අපිට යම් අනතුරක් සිදුවුණොත් ඒ අනතුරට මුහුණපා ආපු විදිය ගැන නිවැරදිව ඔප්පු කරන්න ඊට සාක්ෂි ලබා ගන්න මෙය උපකාරී වෙනවා. යම් කෙනකුගේ පෞද්ගලිකත්වයට හානි වෙන විදිහට මේ ඩෑෂ් කැමරාව භාවිතා කරන්න නම් කිසිම රටක කිසිම කෙනෙකුට නීත්‍යානුකූල අයිතියක් ලැබෙන්නෙ නැහැ. වාහනයක ගමන් කරන විට මාර්ග නීති කඩ කර ධාවනය වන වාහන සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න සාක්ෂියක් යොදා ගන්නත් මේ දර්ශන ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම විනෝද චාරිකා යන අවස්ථාවන් වලදී ඒවා පටිගත කරන්න ඒවා එඩිට් කරන්න සුන්දර සිහිවටන විදියට තබා ගන්න මේ වගේ කරන වීඩියෝ ඔබට යොදා ගන්න පුළුවන්.
ඒ වගේම නවතා තිබියදී ඔබේ වාහනයට යම් අනතුරක් සිද්ධ වුණොත් ඒ වගේ වෙලාවකට ඩෑෂ් කැමරාවකින් බොහොම පහසුවෙන් සිදුවුනේ කුමක් ද කියන කාරණය ඔබට දැන ගන්න හැකියාව ලැබෙනවා. තාක්ෂණ දියුණුවත් එක්ක ඔබට අවශ්‍ය ඩෑෂ් කැම් විවිධ මාදිලිවලින් ඔන්ලයින් සේවා ඔස්සේ හෝ මිලදී ගන්න හැකියාවක් තියෙනවා. විවිධ මිල ගණන් යටතේ විවිධ උපාංග සහිතව ඔබට පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. transcend drivepro 520, Transcend drivepro 230 වගේ කැමරා ලංකාවේ භාවිතා කරන ඩෑෂ් කැමරා අතර මුල් තැන ගන්නවා.
by Dilki Shamani
Photo Source: Internet
356 Views
Comments