සයිබර් මංකොල්ලකරුවන් දත්ත සොරාගන්නා ක්‍රම

අන්තර්ජාලය හරහා කටයුතු කිරීම අපිට කාර්‍යයන් පහසු කරනවා වගේම අපිට දැඩි අවදානමකුත් ඇති කරනවා. ඊට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඒ හරහා අපේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන මංකොල්ලකරුවන් ක්‍රියාත්මක වීමයි. අපේ පෞද්ගලික තොරතුරු බැංකු ක්‍රෙඩිට් කාඩ් තොරතුරු වගේ දේවල් මේ දත්ත මංකොල්ලකරුවන් විසින් පැහැරගන්නවා. ඒ සඳහා ඔවුන් විවිධ ක්‍රම යොදා ගන්නවා. මේ ඒ පිළිබඳ සටහනක්.
ෆිෂින් ප්‍රහාර
අන්තර්ජාලය හරහා තොරතුරු මංකොල්ලකෑමට ජනප්‍රිය ක්‍රමවේදයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. මාළු බෑම තමයි මෙයින් සංකේතවත් වන්නේ. මෙහි ඇම දාන කෙනා තමයි සයිබර් මංකොල්ලකරුවා. එහෙමත් නැත්නම් හැකර්. ඊට අහු වෙන්නේ අපි වගේ අන්තර්ජාලය පරිහරණය කරන පිරිස්. මේ හරහා සිද්ධ වෙන්නේ ඔබේ අන්තර්ජාලය හරහා ඊමේල් එකක් හෝ වෙනත් යම් මාර්ගයකින් ඔබට පණිවිඩයක් එවනු ලබනවා. ඒ පණිවිඩය ක්ලික් කලවිට ව්‍යාජ වෙබ් අඩවියකට පිවිසෙනවා. අපිට එකපාරටම ව්‍යාජ වෙබ් අඩවියක් කියලා අඳුර ගන්න අපහසුයි. මේ හරහා අපේ ඊමේල් මුරපද ආදි සංවේදී තොරතුරු සොරාගන්න හැකර්වරු කටයුතු කරනවා. ෆිෂින් ප්‍රහාර ඔබට අඳුර ගන්න ටිකක් පහසුයි. ඒවා එවන්නේ ඔබට ලැබෙන තෑග්ගක් එහෙමත් නැත්නම් වාසිදායක කාරණයක් ගැන නම් ඔබේ ගිණුමක ආරක්ෂාවට ඇති තර්ජනය ගැන සටහන් කරමින්.
ක්ලික්ජැකින් ප්‍රහාර
මේකෙන් කරන්නේ යම් වෙබ් අඩවියක් මත සඟවන ලද ලේයරයක් ක්ලික් කිරීමට සලස්වනවා. ඉන් අපිව නොමග යවනවා. සමහර වෙබ් අඩවි වලදී දැන්වීමක් close කරන්න නැත්නම් skip කරන්න වගේ බට්න් එනවා. ඒවා ක්ලික් කළාම සිදුවන්නේ අදාල දෙය නෙවෙයි. ඉන් අපිව වෙනත් වෙබ් අඩවියකට පිවිසෙනවා. නැත්නම් අපේ පරිගණකයට වෙනත් මෘදුකාංගයක් බාගත වෙනවා. මේ වගේ දේවල් වලින් අපිව රවට්ටලා යම් යම් දේවල් share කිරීමෙන් like ලබා ගැනීම් වගේ වැඩ වලට අපේ පෞද්ගලික තොරතුරු වලට ප්‍රවේශ වෙන්න ඔවුන් ඉඩකඩ සලසා ගන්නවා.
කීලොගර්ස්
මෙය අපි ගැන ඔත්තු බලන මෘදුකාංගයක් විදිහට සලකන්න පුළුවන්. මෙමගින් අපේ පරිගණක යතුරු පුවරුවේ ටයිප් කරන සියල්ල ගැන තොරතුරු වෙනත් පාර්ශවයක් ලබාගන්නවා ගන්නවා. අපේ අවසරයක් හා අනුදැනුමක් නැතිව මේ වගේ මෘදුකාංගයක් අපේ පරිගණකයේ ස්ථාපනය කළොත් අපේ මුරපද පෞද්ගලික තොරතුරු බැංකු තොරතුරු සයිබ මංකොල්ල කරුවන් අතර පත් වෙනවා. මේවගේ තර්ජනයකට අපි ලක් වෙලාද කියන එක හොයාගන්න ටිකක් අමාරුයි.
මේවගේ උපක්‍රම සයිබර් මංකොල්ලකරුවන් විසින් අපේ දත්ත එකතු කරගන්න යොදා ගන්නවා. මේ ගැන නිසි අවධානයකින් යුතුව සිටීමෙන් සහ මෙහෙයුම් පද්ධතිය සහ වයිරස් වෛරස් මෘදුකාංග නිසි පරිදි යාවත් කාලීන කරගැනීමෙන් මේ වගේ අවදානම් තත්ත්ව ඔබට මගහරවා ගන්න පුළුවන්.
by Dilki Shamani
Photo Source: Internet
326 Views
Comments