හෝලෝග්‍රැෆික් තාක්ෂණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

හෝලෝග්‍රැෆික් තාක්ෂණය

හෝලෝග්‍රැෆික් තාක්ෂණය

ත්‍රිමාණකරණය කියන්නේ මේ වෙනකොට බොහොම ප්‍රචලිත තාක්ෂණයක්. අද වන විට එහි විවිධ පැතිකඩයන් වලට මේ තාක්ෂණය පාවිච්චි කරනවා. ත්‍රිමාණ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ විවිධ දේවල් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය ත්‍රිමාණකරන වීඩියෝ වලින් පසු ත්‍රීඩී තාක්ෂණය හඳුන්වා දීලා තියෙනවා. මේ ත්‍රිමාණකරන තාක්ෂණය තවත් වැඩි දියුණු කරමින් විද්‍යාඥයන්ට ත්‍රිමාණ රූප මවන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ තාක්ෂණය හඳුන්වන්නේ holographic කියලා.

මේ මූලිකම තාක්ෂණය හොයාගත්තේ හංගේරියානු ජාතිකයෙකු වන ඩෙනිස් ගාබර් නම් පුද්ගලයා 1947 වර්ෂයේදී. 1960න් පසුව ලේසර් තාක්ෂණයත් සමග මෙය ඉතා විශාල ලෙස දියුණු වුණා. මෙහි රූප මැවෙන්නේ සාමාන්‍ය විදිහට තිරයක් මත නොවෙයි. එහි දර්ශන බලන කෙනා ඉස්සරහ ලේසර් කිරණ පාවිච්චි කරලා සැබෑම විදිහටම නිර්මාණය වෙනවා. මේවට කියන්නේ holographic දර්ශන කියලා. ඒවගේම කිරණ දෙකකින් මේ විදිහට සජීවී රූප මවනවා. එක් ආලෝක කිරණයක් ප්‍රක්ෂේපණයටත් තවත් ආලෝක කිරණයක් මැවෙන රූපය ආලෝකවත් කරන්නත් යොදා ගන්නවා. මේ වෙනකොටත් ගොඩක් චිත්‍රපටවල මේ තාක්ෂණය යොදාගන්නවා. Star war වගේ චිත්‍රපටි බලලා තියෙනවා නම් මේ තාක්ෂණය ඔබ දැකලා ඇති. හැම කෝණයකින් ත්‍රිමාණව මේ තාක්ෂණය හරහා රූප නරඹන්න පුළුවන්.

 

ත්‍රිමාණකරණය කියන්නේ මේ වෙනකොට බොහොම ප්‍රචලිත තාක්ෂණයක්. අද වන විට එහි විවිධ පැතිකඩයන් වලට මේ තාක්ෂණය පාවිච්චි කරනවා. ත්‍රිමාණ තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ විවිධ දේවල් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය ත්‍රිමාණකරන වීඩියෝ වලින් පසු ත්‍රීඩී තාක්ෂණය හඳුන්වා දීලා තියෙනවා. මේ ත්‍රිමාණකරන තාක්ෂණය තවත් වැඩි දියුණු කරමින් විද්‍යාඥයන්ට ත්‍රිමාණ රූප මවන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ තාක්ෂණය හඳුන්වන්නේ holographic කියලා. මේ මූලිකම තාක්ෂණය හොයාගත්තේ හංගේරියානු ජාතිකයෙකු වන ඩෙනිස් ගාබර් නම් පුද්ගලයා 1947 වර්ෂයේදී. 1960න් පසුව ලේසර් තාක්ෂණයත් සමග මෙය ඉතා විශාල ලෙස දියුණු වුණා. මෙහි රූප මැවෙන්නේ සාමාන්‍ය විදිහට තිරයක් මත නොවෙයි. එහි දර්ශන බලන කෙනා ඉස්සරහ ලේසර් කිරණ පාවිච්චි කරලා සැබෑම විදිහටම නිර්මාණය වෙනවා. මේවට කියන්නේ holographic දර්ශන කියලා. ඒවගේම කිරණ දෙකකින් මේ විදිහට සජීවී රූප මවනවා. එක් ආලෝක කිරණයක් ප්‍රක්ෂේපණයටත් තවත් ආලෝක කිරණයක් මැවෙන රූපය ආලෝකවත් කරන්නත් යොදා ගන්නවා. මේ වෙනකොටත් ගොඩක් චිත්‍රපටවල මේ තාක්ෂණය යොදාගන්නවා. Star war වගේ චිත්‍රපටි බලලා තියෙනවා නම් මේ තාක්ෂණය ඔබ දැකලා ඇති. හැම කෝණයකින් ත්‍රිමාණව මේ තාක්ෂණය හරහා රූප නරඹන්න පුළුවන්. මේ තාක්ෂණය හරහා ඕනෑම තැනක සිට තවත් තැනක ඇති දර්ශන මාලාවක් සජීවීව නරඹන්න පුළුවන්. මේ වෙන විට මේ තාක්ෂණය වැඩිදියුණු කිරීමට පර්‍යේශෂකයන් උත්සාහ කරනවා. ඒ වගේම මේ තාක්ෂණයෙන් වෙනමම රූපවාහිනි නිපදවීමටත් බලාපොරොත්තු වෙනවා. 2022 ජපානයේ පවත්වන ලෝක කුසලාන තරඟය holographic තාක්ෂණය යොදාගෙන සජීවිව විශාල ප්‍රමාණයෙන් පෙන්වීමට ජපාන විද්‍යාඥයන් සහ NHK සමාගම උත්සාහ කරනවා. ඔවුන් ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් දෙන්නට holographic තාක්ෂණය යොදාගෙන ඉදිරියේදී උත්සාහ කරනවා. ත්‍රීඩී තාක්ෂණයෙන් ඔබ්බට ගිහින් holographic තාක්ෂණ වලින් නිෂ්පාදනය වුනු උපාංග ඔබටත් ළඟදීම අත්හදා බලන්න අවස්ථාව ලැබේවි. මෙය සන්නිවේදන තාක්ෂණයට යොදා ගැනීමෙන් ජංගම දුරකථනයේ දේවල් සජීවීව නරඹන්න අවස්ථාව උදාකර ගන්න හැකියාවක් ලැබේවි. ඉතින් තාක්ෂණය අදවන විට මොනතරම් දියුණුවට පත්වෙමින් පවතිනවාද යන්නට හොඳම උදාහරණයක් තමයි මේ holographic තාක්ෂණය කියන්නේ. ලෝකය පුරාම ජනතාව holographic නිර්මාණ එදිනෙදා ජීවිතයට සමීප කරගන්න කරගන්න වගේම පරීක්ෂකවරුන් සහ විද්‍යාඥයන් holographic තාක්ෂණය යොදාගෙන අලුත් අලුත් දේවල් නිර්මාණ කරන්න අනිවාර්යෙන්ම ඉදිරියේදී බලාපොරොත්තුවෙන් සිටින බව නම් රහසක් නොවේ.

 

 


මේ තාක්ෂණය හරහා ඕනෑම තැනක සිට තවත් තැනක ඇති දර්ශන මාලාවක් සජීවීව නරඹන්න පුළුවන්. මේ වෙන විට මේ තාක්ෂණය වැඩිදියුණු කිරීමට පර්‍යේශෂකයන් උත්සාහ කරනවා. ඒ වගේම මේ තාක්ෂණයෙන් වෙනමම රූපවාහිනි නිපදවීමටත් බලාපොරොත්තු වෙනවා. 2022 ජපානයේ පවත්වන ලෝක කුසලාන තරඟය holographic තාක්ෂණය යොදාගෙන සජීවිව විශාල ප්‍රමාණයෙන් පෙන්වීමට ජපාන විද්‍යාඥයන් සහ NHK සමාගම උත්සාහ කරනවා. ඔවුන් ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් දෙන්නට holographic තාක්ෂණය යොදාගෙන ඉදිරියේදී උත්සාහ කරනවා. ත්‍රීඩී තාක්ෂණයෙන් ඔබ්බට ගිහින් holographic තාක්ෂණ වලින් නිෂ්පාදනය වුනු උපාංග ඔබටත් ළඟදීම අත්හදා බලන්න අවස්ථාව ලැබේවි. මෙය සන්නිවේදන තාක්ෂණයට යොදා ගැනීමෙන් ජංගම දුරකථනයේ දේවල් සජීවීව නරඹන්න අවස්ථාව උදාකර ගන්න හැකියාවක් ලැබේවි. ඉතින් තාක්ෂණය අදවන විට මොනතරම් දියුණුවට පත්වෙමින් පවතිනවාද යන්නට හොඳම උදාහරණයක් තමයි මේ holographic තාක්ෂණය කියන්නේ. ලෝකය පුරාම ජනතාව holographic නිර්මාණ එදිනෙදා ජීවිතයට සමීප කරගන්න කරගන්න වගේම පරීක්ෂකවරුන් සහ විද්‍යාඥයන් holographic තාක්ෂණය යොදාගෙන අලුත් අලුත් දේවල් නිර්මාණ කරන්න අනිවාර්යෙන්ම ඉදිරියේදී බලාපොරොත්තුවෙන් සිටින බව නම් රහසක් නොවේ.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

295 Views

Comments

arrow-up