හැමෝම ඇගිලි ගනින Cyberpunk 2077

සීඩී ප්රොජෙක්ට් ආයතනය විසින් වැඩි දියුණු කරන ලද සහ ප්රකාශයට පත් කරන ලද ක්රියාකාරී භූමිකාවක් රඟ දක්වන වීඩියෝ ක්රීඩාවක් වන සයිබර්පන්ක් 2077 ක්රීඩාව නිකුත් වීමට සියල්ලම සූදානම්. මෙය මයික්රොසොෆ්ට් වින්ඩෝස්, ප්ලේස්ටේෂන් 4, ප්ලේස්ටේෂන් 5, ස්ටේඩියා, එක්ස්බොක්ස් වන් සහ එක්ස්බොක්ස් සීරීස් එක්ස් / එස් සඳහා 2020 දෙසැම්බර් 10 වන දින නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
විශේෂ වූ අදියර හයකින් යුක්ත වූ මෙම වීඩියෝ ක්රීඩාවෙහි, V ලෙස හඳුන්වන කුලී හේවායෙකුගේ සුපිරි චරිතයක් ඔබට හැසිරවීමේ අවස්ථාව ලැබෙන අතර, ඔහුට විවිධ ස්ථාන වලට අනවසරයෙන් ඇතුළුවීමට හා විවිධ යන්ත්රෝපකරණවල නිපුණතාවය ලබා ගැනීමට මෙන්ම පුළුල් ආයුධ ගබඩාවක් ලබා ගැනීමට උපකාර කිරීමේ හැකියාවද ඔබට ලැබේ. සයිබර්පන්ක් 2077 යනු නයිට් සිටි හි විවෘත ක්රියාදාම හා ත්රාසජනක බව කැටිකරගත් වීඩියෝ ක්රීඩාවකි. නගරයේ ඇති හොඳම තුවක්කු, විවිධාකාර නවීකරණය කළ හැකි ආයුධ, අනවසරයෙන් ඇතුළුවීමේ කුසලතා සහ ශරීර වැඩි දියුණු කිරීමේ උපකරණ භාවිතා කිරීමටද හැකියි. ඔබ උපයා ගත් මුදල් වලින් ආයුධ සහ සයිබර් උපකරණ සඳහා වියදම් කරන්නටත්, කාර්, යතුරුපැදි සහ විවිධ ඇඳුම් මිලදී ගැනීමට මෙන්ම විනෝද වන්නටද මෙම ක්රීඩාව තුළ ඔබට අවකාශය ලැබේ.
සදාකාලික අමරණීයත්වය ලබා දෙන ප්රොටෝටයිප් චිප් එකක් ලබා ගැනීමට විවිධාකාර පුද්ගලයන් අභිබවා යාමට සිදුවන මෙම ක්රීඩාවේ ඔබගේ උපරිම බලය යොදවා එය ලබා ගැනීමට හැකියාව ලැබෙනවාද යන්න තීරණය කිරීමට දෙසැම්බර් 10 ඔබ වෙතට එන සයිබර්පන්ක් 2077 ඔබේ පරිඝණක ක්රීඩාවන්ට එකතු කරගන්න. වීඩියෝ ක්රීඩා ලෝලීට මෙය සුභ ආරංචියක් වේවි.
by Kaushalya De Silva
Photo source : Internet
341 Views
Comments