නවීකරණය කළ මයික්‍රෝසොෆ්ට් වෙබ් බ්‍රවුසරය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

නවීකරණය කළ මයික්‍රෝසොෆ්ට් වෙබ් බ්‍රවුසරය

නවීකරණය කළ මයික්‍රෝසොෆ්ට් වෙබ් බ්‍රවුසරය

Windows 10 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන්ම දැන් සකස් කර තිබෙන කර තිබෙන වෙබ් බ්‍රවුසරය වන්නේ එජ් වෙබ් බ්‍රවුසරයයි. එජ් බ්‍රවුසරයේ අලුත්ම සංස්කරණය පසුගිය ජනවාරි 15 වැනිදා නිකුත් කළා. එය සකස් කර තිබෙන්නේ google chrome වෙබ් බ්‍රවුසරය තැනීමට යොදාගත් ක්‍රෝමියම් ප්‍රොජෙක්ට් ව්‍යාපෘතියේ සම්පත් යොදා ගනිමින්. google chrome පමණක් නොව ක්‍රෝමියම් ක්‍රෝමියම් ඕඑස් මෙහෙයුම් පද්ධතිය පවා නිමවා ඇති ගූගල් සමාගම විසින් දියත් කරන ලද එම ක්‍රෝමියම් ව්‍යාපෘතියේ සම්පත් යොදාගෙන. අලුත් එජ් වෙබ් බ්‍රව්සරය සඳහා යොදා ඇත්තේ ක්‍රෝමියම් ප්‍රොජෙක්ට් ව්‍යාපෘතිය යටතේ නිමවූ Blink layout එන්ජිමයි. එනම් google chrome වෙබ් බ්‍රවුසරයෙන් වෙබ් පිටු පෙන්වන විධියට එජ් බ්‍රවුසරයෙන්ද වෙබ් පිටු පෙන්වනවා.

වෙබ් පිටුවක් ලියා ඇති ජාවා ස්ක්‍රිප්ට් කේත සටහන් වල ඇති විධාන ක්‍රියාත්මක කරවා වෙබ් පිටුවට අදාල යෙදවුම් පෙන්වන වැඩසටහන ජාවා ස්ක්‍රිප්ට් එන්ජිමයි. කලින් එජ් වෙනුවෙන් යොදාගත්තේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සකස්කල චක්‍ර නම් ජාවා ස්ක්‍රිප්ට් එන්ජිමයි. ක්‍රෝමියම් ව්‍යාපෘතියට අයත් ජාවාස්ක්‍රිප්ට් එන්ජිම V8.

 

 

 


එජ් බ්‍රවුසරයේ ලාංඡනය හෙවත් ලෝගෝවද වෙනස් කර තියෙනවා. එය සකසා ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත් අතුරු මුහුණත් හෙවත් ඉන්ටර්ෆේස් මෝස්තර ක්‍රමය වන ෆ්ලුවන්ට් ඩිසයින් සිස්ටම් නම් මෝස්තර රටාව අනුවයි. මේ ෆ්ලුවන්ට් ඩිසයින් සිස්ටම් කියන්නේ මෘදුකාංග සැලසුම් මෝස්තරය පිළිබඳ ආදර්ශ විස්තර රාමුවක්. මූලික රීති පහක් පාදක කරගෙන ෆ්ලුවන්ට් ඩිසයින් සිස්ටම් සැලසුම් සකස් කර තියෙනවා. දීප්තිමත් බව ගැඹුරු පෙන්වීම සහ එහා මෙහා කළ හැකි වීම සහ දිග පළල යනු එම රීති පහයි. මෙම අංග ඉතා සිත්ගන්නාසුළු ලෙස කර මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත් logo සහ ඉන්ටර්ෆේස් නිර්මාණය කර තියෙනවා. මෙසේ එජ් බ්‍රව්සරය නවීකරණය කිරීමට තුඩු දුන් ප්‍රධානතම කාරණය වන්නේ එය ජනප්‍රිය නොවීමයි. වෙබ් පිටු නිසි ලෙස නොලැබීම ඒවා ලැබීමට පරක්කු වීම ඊට හේතු වෙනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙනුවට එජ් බ්‍රවුසරය හඳුන්වා දුන්නේ හඳුන්වා දුන්නේ windows 10 සමාගම විසින්. වසර ගණනාවක් තිස්සේම microsoft web browser එක ජනප්‍රියත්වයෙන් තුන්වැනි තැන හිමිකර ගත්තා. පළමු තැන හිමි වන්නේ google chrome දෙවැනි තැන හිමි වන්නේ mozilla firefox හට. මින් පෙනෙනුයේ මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙබ් බ්‍රව්සර් තාක්ශණයේ අසමත්කම යැයි සිතූ එම සමාගම google chrome වෙබ් බ්‍රවුසරය තාක්ෂණය වැළඳ ගැනීමට තීරණය කළා. ඔබත් එජ් මයික්‍රසොෆ්ට් web browser පාවිච්චි කර එහි යෝග්‍ය තාවය තහවුරු කරන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

287 Views

Comments

arrow-up