කලම්බු පැරදූ ගෝල් ග්ලැඩියේටර්ස් අවසාන මහා තරඟයට
LPL 2020 තරගාවලියේ කලම්බු කින්ග්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් අතර ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරඟයේ ජය හිමිකර ගැනීමට කලම්බු කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කලම්බු කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි කලම්බු කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් ලකුණු 150ක් ලබා ගත්තා.
කලම්බු කින්ග්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැනියෙල් බෙල් ඩ්රමන්ඩ් පන්දු 53 කදී ලකුණු 70 ක් ලබා ගත්තා.
ඉතිරි කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට ගාල්ල පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03ක් ද ,නුවන් තුෂාර හා ධනංජය ලක්ෂාන් කඩුලු 02 බැගින් බිඳහෙලුවා.
පිළිතුරු ඉනිම ක්රීඩාකිරීමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් ලකුණු පුවරුව 98කට කඩුලු 06ක් ලෙස අසීරු තත්වයක පැවතුණා.
කෙසේ වෙතත් ධනංජය ලක්ෂාන් ගාල්ල පිලට ජය ගෙන එමින් නොදැවී ලකුණු 31ක රැස් කලා.
මේ අනුව LPL තරඟාවලියේ අසාර්ථක කණ්ඩායමක් ලෙස පැමිණ අවසන් තරඟයට ක්රීඩා කිරීමේ අවස්ථාව හිමි කර ගැනීම විශේෂ සිදු වීමක්වනවා.
තරඟයේ වීරයා ධනංජය ලක්ෂාන්
දෙවන අවසන් පූර්ව තරගය අද (14) දඹුල්ල වයිකින්ග් හා ජැෆ්නා සැටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
214 Views
Comments