LPL 2020 : දඹුල්ල වයිකින්ග් කඩුලු 04 කින් ජය ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

LPL 2020 : දඹුල්ල වයිකින්ග් කඩුලු 04 කින් ජය ගනී

LPL 2020 : දඹුල්ල වයිකින්ග් කඩුලු 04 කින් ජය ගනී

LPL 2020 තරගාවලියේ දඹුල්ල වයිකින් හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගයේ ජය හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් වුණා.

 

තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ආරාධනා කලා.

 

ඒ අනුව පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07කට ලකුණු 168ක් රැස් කලා මෙහිදී මෙවර LPL තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන ගාල්ල කණ්ඩායමේ ධනුශ්ක ගුණතිලක ලකුණු 46ක් රැස් කරා.

 

ෂෙහාන් ජයසූරිය ලකුණු 39යි භානුක රාජපක්ෂ පන්දු 18කදී වේගවත් ලකුණු 31 ක් රැස්කරගනු ලැබුවා.

 

පන්දු යැවීමේදී දසුන් ශානක, කසුන් රාජිත හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 02 බැගින් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි කලම්බු කින්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව 0 ක් ව තිබියදී පළමු කඩුල්ල ලෙස පවුල් ස්ට්‍රිලින් මොහොමඩ් අමීර්ගේ පන්දුවක් හමුවේ දැවීගියා.

 

කෙසේ වෙතත් ඔවුන් 20 වන පන්දුවාරයේ දී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. වේගවත් පිතිකරණය නිරත වූ ෂයිමුල්ලා ෂින්වරි පන්දු 20කින් ලකුණු 46 ක් රැස් කලා.

 

ඇන්ජලෝ පෙරේරා ලකුණු 45යි. පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් කඩුලු 02ක් බිදහෙලුවා.

 

තරගයේ වීරයා ෂයිමුල්ලා ෂින්වරි

 

 

 

views

264 Views

Comments

arrow-up