කැන්ඩි ටස්කර්ස් ජැෆ්නා පරදයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් කඩුලු 06කින් ජයගන්නට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ මෙතෙක් ලකුණු සටහනේ පෙරමුණේ සිටි ජැෆ්නා ස්ටැලියන්ස් පිලට පරාජය අත් කර දෙමින්.
මෙහිදී කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන්ට ලබාගත හැකිවූයේ පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 150ක් පමණයි.
මෙහිදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 59ක්ද, මිනොද් භානුක ලකුණු 21 ක් ද රැස්කල අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නුවන් ප්‍රදීප් කඩුලු 03ක්ද, ඩේල් ස්ටෙයින්, විශ්ව ප්‍රනාන්දු, හා අසේල ගුණරත්න කඩුලු 02 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කැන්ඩි ටස්කර්ස් පන්දුවාර 19 පන්දු 01 කදී කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තාකලා.
මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කල අසේල ගුණරත්න නොදැවී ලකුණු 52 ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 42ක්ද රැස් කලා.
තරඟයේ වීරයා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ අසේල ගුණරත්න
මේ අනුව කැන්ඩි ටස්කර්ස් අර්ධ අවසන් පූර්ව වටයට පිවීසීමේ අවස්ථාව ඉතිරි කරගනු ලැබුවා.
258 Views
Comments