ගෝල් ග්ල්ඩියේටර්ස් පිල පළමු ජය වාර්තා කරයි.
LPL 2020 තරගාවලියේ කලම්බු කින්ග්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගයේ ජය හිමිකර ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු කින්ග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්තා.
කලම්බු කින්ග්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙල් ඩ්‍රමන්ඩ් පන්දු 36 කදී ලකුණු 44 ක් ලබා ගත්තා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 35 ක් රැස්කලේ පන්දු 20ක් පමණක් වැයකරමින්.
තික්ෂිලා ද සිල්වා ලකුණු 27 යි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් අමීර් ලකුණු 26කට කඩුලු 05ක් දවා ගත්තා
පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ ලකුණු 175 ක් ලබා තරගය පහසුවෙන් ජයගත්තා.
මෙහිදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල අශාන් අලී පන්දු 38කදී ලකුණු 56ක් සහ ධනුෂ්ක ගුණතිලක පන්දු ලකුණු 38ක් රැස් කලා.
මෙම තරගය ජයග්‍රහණය කිරීමත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩාමට අවසන් පූර්ව වටයට පිවීසීමට තවත් අවස්ථාව පවතිනවා.
තරඟයේ වීරයා මොහොමඩ් අමීර්
235 Views
Comments