තරඟාවලියේ ජය ඉන්දියාවට - අවසන් තරඟයේ ජය ඕස්ෙට්‍ර්ලියාවට
ඉන්දියාව හා ඕස්ෙට්‍ර්ලියාව අතර පැවති තුන්වන T20 තරඟය ලකුණු 12 කින් ජය ගන්නට ඕස්ෙට්‍ර්ලියාව සමත්වුනා.
මෙහිදී කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ඇරයුමෙන් පිටියට පිවිසි ඕස්ෙට්‍ර්ලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 186ක් රැස්කරගනු ලැබුවා.
අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් මැතිව් වේඩ් පන්දු 53කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් රැස්කලා.
ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 54යි.
පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් වොෂින්ටන් සුන්දර් කඩුලු දෙකක් බිඳහෙලුවා.
පිලිතුරු ඉනිම ක්‍රීඩාකල ඉන්දියානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 07කට ලකුණු 174 ක් පමණයි
මෙහිදී විශිෂ්ට පිතිකරණයක නිරත වු විරාත් කෝලි ලකුණු 85ක් රැස්කලා.
පන්දු යැවීමේදී ඕස්ෙට්‍ර්ලියාව වෙනුවෙන් මිචෙල් ස්වෙප්සන් කඩුලු 03ක් බිඳහෙලුවා.
තරඟයේ වීරයා මිචෙල් ස්වෙප්සන්
කෙසේ වෙතත් පළමු තරඟ දෙක ජයගත් ඉන්දියාව තරඟාවලිය 02 ට 01ක් ලෙස ජයගත්තා.
තරඟාවලියේ වීරයා හර්දික් පාණ්ඩියා
230 Views
Comments