තරඟයක් ඉතිරිව තිබීයදී T20 තරඟාවලියේ ජය ඉන්දියාවට

ඉන්දියාව හා ඕස්ෙට්‍ර්ලියාව අතර පැවති දෙවන T20 තරඟය කඩුලු 6 කින් ජය ගන්නට ඉන්දියාව සමත්වුනා.
මෙහිදී කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ඇරයුමෙන් පිටියට පිවිසි ඕස්ෙට්‍ර්ලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 194ක් රැස්කරගනු ලැබුවා.
මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් මැතිව් වේඩ් පන්දු 32කදී හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 58ක් රැස්කලා.
ස්ටීව් ස්මිත් ලකුණු 46යි. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් තන්ගරාසු නඩරාජන් කඩුලු දෙකක් බිඳහෙලුවා.
පිලිතුරු ඉනිම ක්‍රීඩාකල ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 19 පන්දු 4ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසුකලා.
මෙහිදී ෂිකර් ධවාන් ලකුණු 56 ක්ද හර්දික් පාණ්ඩියා වේගවත් ලකුණු 42ක් ද රැස්කරමින් ඉන්දියා ඉනිම ශක්තිමත් කලා.
තරඟයේ වීරයා හර්දික් පාණ්ඩියා
235 Views
Comments