ජැෆ්නා අවසාන මහා තරඟයට

LPL 2020 තරගාවලියේ දඹුල්ල වයිකින්ග් හා ජැෆ්නා ස්ටැලියන්ස් අතර ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරඟයේ ජය හිමිකර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් ලකුණු 165ක් ලබා ගත්තා.
ස්ටැලියන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජොන්සන් චා්ර්ල්ස් පන්දු 56 කදී ලකුණු 76 ක් ලබා ගත්තා.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 39 යි. ඉතිරි කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට වයිකින්ග් පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුලු 02ක් ද , ලහිරු කුමාර, අන්වර් අලි හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 01 බැගින් බිඳහෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 19 පන්දු 1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128ක් පමණයි.
දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග ලකුණු 33ක රැස් කල අතර අනෙක් කිසිදු පිතිකරුවෙක් සාර්ථක වූයේ නැහැ.
ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා.
තරඟයේ වීරයා ජොන්සන් චා්ර්ල්ස් අවසන් තරගය හෙට (16) ගෝල් ග්ලැඩියේටර්ස් හා ජැෆ්නා සැටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.
252 Views
Comments