LPL 2020 : අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම් 4 මෙන්න
ලංකා ප්‍රිමියර් ලීග් 2020 - පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබෙනවා.
ඒම කණ්ඩායම් වනුයේ, දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස්.
ලංකා ප්‍රිමිය ලීග් 2020 තරඟාවලියේ ඊයේ පැවති 19 වන තරඟයෙන් දැවැන්ත ජය හිමිකර ගැනීමට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම සමත් වුණා.
කඩුලු 09කින් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම කැන්ඩි ටස්කස් කණ්ඩායම පරාජය කරමින් තරගයේ ජය තහවුරු කිරීම විශේෂත්වයක්.
තරඟයේ පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 126ක් පමණයි.
ඊයේ දිනයේදී කැන්ඩි ටස්කස් වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් ලබා ගත්තා.
කැන්ඩි ටස්කස් කණ්ඩායම ලබා දුන් ලකුණු 127ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම පන්දුවාර 17ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී පසුකර යාමට සමත් වුණා.
ග්ලැඩියේටස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 94ක් රැස් කළ අතර ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 04ක් ඇතුළත්.
235 Views
Comments