හොරණ බොඩිලයින් එකේ 34කට කොරෝනා ආසාදිතයි

හොරණ පිහිටි බොඩිලයින් ඇඟලුම් ආයතනයේ සේවයෙහි නියුතු සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි පසුගිය 31 වනදා තහවුරු විය.
අදාළ ආසාදිතයා ඇසුරු කළ ආශ්‍රිතයින් 145දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ වලට භාජනය කර ඇති අතර ඉන් 34දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ(01) දින තහවුරු වී තිබේ. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කර්මාන්තශාලාව වසා දැමීමට කළමනාකාරීත්වය පියවර ගෙන ඇති අතර කර්මාන්තශාලාව දැඩිලෙස විශබීජහරණය කිරීමට කටයුතු කර සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිසි අවසරය ලැබුණු පසුව නැවත කර්මාන්තශාලාව විවෘත කිරීමට කටයුතු කරන බව හොරණ බොඩිලයින් පුද්ගලික සමාගම විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
837 Views
Comments