පොළොන්නරුවේ වඩේ මුදලාලිට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

පොළොන්නරුවේ වඩේ මුදලාලිට කොරෝනා

පොළොන්නරුවේ වඩේ මුදලාලිට කොරෝනා

පොළොන්නරුව බකමූණ නගරයේ වඩේ වෙළෙදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

 

 

මෙම පුද්ගලයා පසුගිය දිනෙක ඉස්සන් රැගෙන ඒමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවට තොරතුරු වාර්තාවීමත් සමග ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබුණා.

 

 

ඒ අනුව වයස අවුරුදු 34ක් වන මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ (25) රාත්‍රී අනාවරණය වී ඇති බව සඳහන්.

 

 

මේ අතර එම ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් හා එම ප්‍රදේශයේ නිවාස 10ක පමණ පුද්ගලයින් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

 

 

views

776 Views

Comments

arrow-up