කොටගලින් කොරෝනා රෝගීන් හමුවේ

හැටන් කොටගල රොසිටා සහ ග්‍රෙටන් තේ වතු වලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් දෙදෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසුවා.
කොවිඩ් 19 වෛසරය අසාදනය වු එම රෝගින් දෙදෙනා පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ සේවය කල දෙදෙනෙකු බවත් , එම සේවකයින් දෙදෙනා නිවසට පැමිණ සිටියදි කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධානය කර පරික්ෂණයකට යොමු කිරිමෙන් පසු එම වාර්තාව අනුව එම සේවකයින් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි තිබෙන බවත් වාර්තා වනවා.
කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් දෙදෙනා නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන තිබුණා.
787 Views
Comments