හම්බන්තොට ධීවරයින් දෙදෙනෙක්ට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

හම්බන්තොට ධීවරයින් දෙදෙනෙක්ට කොවිඩ්

හම්බන්තොට ධීවරයින් දෙදෙනෙක්ට කොවිඩ්

හම්බන්තොට ධීවර වරායේ ධීවරයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

 

 

හම්බන්තොට ධිවර වරායේ ධිවරයින් 57 දෙනෙකු ගේ හා තවත් තිදෙනෙකු පසුගිය 23 වනදා PCR පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් පසු ඊයේ (25) දින ලැබුණු පරීක්ෂණ වාර්තා වලින් මෙය තහවුරු වී තිබේ.

 

 

ඔවුන් අතරින් එක් අයෙක් හම්බන්තොට ගඩොල්මුල්ල, සිප්පිකුලම, ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා ජාතික නිවාස මාවත ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

 

 

මොවුන් අතරින් එක් අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට යෑම හේතුවෙන් පසුගිය 21වන දින සිට ස්වයං නිරෝධායනයට ලක්කර සිටි අයෙක් වේ.

 

 

අනෙක් පුද්ගලයා PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන තෙක් සමාජයේ සැරිසැරූ අයෙකු බවට අනාවරණය වී තිබේ.

 

 

මෙම ආසාදිතයින් දෙදෙනා හඳුනා ගැනීමත් සමඟ හම්බන්තොට ධීවර වරායට හා නගරයට ඇතුළුවීමේ සිමා පනවා ඇති බව වාර්තා වේ.

 

 

views

694 Views

Comments

arrow-up