OCT
26
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන් 7කටත් කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කුඩා දරුවන් 7දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.
රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජී.විජේසූරිය මහතා සදහන් කළේ එම ළමුන්ගේ මව්වරු තිදෙනෙකු ට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.
එමෙන්ම රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි වයස අවුරුදු 2ක දැරියකට සහ ඇයගේ මවට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට පගිය 20 වන දින හදුනාගෙන තිබේ.
වැල්ලම්පිටියේ පදිංචි එම දැරියගේ පියා ද වෛරසය ආසාදිතයෙකු බවට සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන ඇත.
794 Views
Comments