බදුල්ලේ ටී 56 උණ්ඩ තොගයක් - ගෙනාවේ කුමකටදැයි අභිරහසක් (VIDEO)

බදුල්ල පොලීසියට ලැබුණු තොරතුරක් අනුව බදුල්ල තල්දෙන පරගස්තැන්න ප්‍රදේශයේ බදුලු ඔයට ආසන්නේ ලදු කැලෑවක තිබී ටී 56 ගිනි අවිය යොදන උණ්ඩ 737 සොයා ගැනීමට පොලීසියට ඊයේ රාත්‍රියේ දී හැකි වුණා.
අද දිනයේදී මෙම ස්ථානයේ පොලිසිය සහ යුද හමුදාව කරන ලද මෙහෙයුමකදී තවත් උන්ඩ 351 ක් හමුවී තිබෙනවා.
මේ වන විට හමුවී ඇති මුලු උන්ඩ ගනන 1088 කි.
මෙම ස්ථාන ලැබුණේ කෙසේද යන්න සහ මේවට සම්බන්ධ කවුරුන්ද යන්න පිළිබඳව බදුල්ල පොලිසිය ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ බදුල්ල පොලීසිය මගින් සිදුකරනු ලබනවා.
627 Views
Comments