දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානම්

දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානම්

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ දිස්ත‍්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

 

කළුතර, කෑගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබෙන බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය)  ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.

 

කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට, අගලවත්ත, මතුගම දොඩන්ගොඩ, ඉංගිරිය, පාලින්දනුවර සහ හොරණ, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට සහ දෙහිඕවිට, ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදූව, බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත‍්‍රික්කයේ කිරිඇල්ල, කලවාන, අයගම, කුරුවිට, රත්නපුර සහ ඇහැළියගොඩ, මාතර දිස්ත‍්‍රික්කයේ අතුරලිය සහ පිටබැද්දර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම නායයෑමේ අවදානම මතුව තිබෙන බව ද ඔහු සඳහන් කළා.

 

මෙම ප‍්‍රදේශවල බෑවුම් ආශ‍්‍රිතව පදිංචිව සිටින්නන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

views

673 Views

Comments

arrow-up