යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදාවට

යෝෂිත රාජපක්ෂ මහතා යළිත් නාවික හමුදා ලුතිනන් නිලයේ පිහිටුවා තිබෙනවා.
නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් ඔහු සේවයේ පිහිටුවීමේ නියෝගයට අත්සන් කළ බවයි.
යෝෂිත රාජපක්ෂ මහතා යළි ලුතිනන් නිලයට පත් කර ඇත්තේ, සේවා කාලය අවසන් කිරීමකින් තොරව බව ද නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඒ අනුව 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා සිට ඔහු යළි සේවයේ පිහිටුවා තිබෙනවා.
කාර්ල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනි නාලිකාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමර්ශනයකට අදාලව නාවික හමුදාව විසින් 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ තහනමකට ලක් කරනු ලැබුවා.
674 Views
Comments