නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක්

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක්

පවතින අධික වර්ෂාවත් සමග නායයෑම්, බැමි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පස් කණ්ඩි කඩා වැටීම්  පිළිබඳව අවධානයෙන් පසුවැන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දී සිටිනවා.


නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්  වේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යෑමට සූදානමින් පසුවන ලෙසයි.

 

මේ අතර දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා

.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

 

දකුණු, සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකියි. වයඹ,උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වනවා.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

views

651 Views

Comments

arrow-up