නෙළුමත් දුෂිතයි ?

නෙලුම් කුලුනේ සෑම කාර්යයක්ම අවසන් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 3000ක පමණ මුදලක් අවශ්‍ය බවත් නෙලුම් කුලුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවත් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ අද නෙලුම් කුලුණ ජනතා අයිතියට කිරීමේ උත්සවයට එක්වෙමින් ය.
2012 වසරේදී නෙලුම් කුලුණේ ඉදිකිරීම් කටයුතු සදහා චීන සමාගමකට රුපියල් බිලියන දෙකක මුදලක් රජය විසින් අත්තිකාරම් මුදලක් වශයෙන් ගෙවා ඇති බවත්, වැඩිදුර කරුණු සොයා බැලීමේදී එලෙස චීනයේ සමාගමක් නොමැති බවත් හෙළිදරව් වූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම දූෂණ වංචා පිළිබඳ තොරතුරු හෙළිකලේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාද සහභාගී වූ උත්සවයකදී වීම විශේෂත්වයකි.
2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුන දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුන ලෙස සැලකෙන අතර එහි උස මීටර් 356ක් වේ.
අමෙරිකානු ඩොලර් මිලියන 104යි දශම 3ක පිරිවැයකින් යුතුව මෙහි නිර්මාණ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර ඉන් ඩොලර් මිලියන 67ක මුදලක් චීන රාජ්‍ය බැංකුවක් වන එක්සිම් බැංකුව විසින් විදේශ ණය මුදලක් ලෙස ලබා දී තිබේ.
ඉතිරි පිරිවැය දරා ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසිනුයි.
බේරේ වැව අසල ඉදිකර ඇති නෙළුම් කුළුනේ පාදමේ තට්ටු තුනක් මහජන භාවිතය සඳහා පමණක් වෙන් කර ඇති අතර පෙර නොවූ විරූ කැරකෙන අවන්හලකින් ද මෙය සමන්විතයි.
මීටර් 244ක උසකින් යුතු අත්තිවාරමකින් ඉහළ ව්‍යුහයේ විවෘත අවකාශය මත ඉදිව ඇති නිරීක්ෂණ මැදිරිය කුළුනේ වඩාත් ආකර්ෂණීය ස්ථානයකි.
එමෙන්ම එහි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලශ්‍රී පාද කඳුවැටිය, කළුතර චෛත්‍ය යන ස්ථාන පියවි ඇසින් පහසුවෙන් නැරඹිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.
නෙලුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර එවකට නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාළ ඉඩම් නිදහස් කිරීම ඇතුලු කටයුතු සදහා විශේෂ දායකත්වයක් දැක්වීය.
ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් පවතී මෙම උළෙලට කථානායක කරු ජයසුරිය මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්ව සිටියේය. මෙම උත්සවයට සමගාමිව සමරු මුද්දරයක්ද නිකුත්කෙරින.
611 Views
Comments