"නෙළුම් කුළුණ හදන්න දුන්න කෝටි 200 ක් ආගිය අතක් නෑ" ජනපතිගේ ප්‍රකාශයට පිළිතුරු

නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබාදුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල්වලට ආගිය අතක් නැති බවත් කුළුණේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද එක් පාර්ශ්වයක් වන ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගම පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) ප්‍රකාශ කළා.
දකුණු ආසියාවේ ඉහළම කුළුණ වන ‘නෙළුම් කුළුණ ’ විවෘතකිරීමේ උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව පවසාසිටියා.
නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා 2012 වසරේදී ශ්‍රී ලංකා රජය, චීනයේ සී.ඊ.අයි.ඊ.සී සහ ඇලිට් (ඒ.එල්.අයි.ටී) යන සමාගම් අතර ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බව ද ජනාධිපතිවරයා කීවේය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සංදේශ කොමිසම ගිවිසුමට අත්සන් තැබූ බව ද ජනාධිපතිවරයා පැවසුවා.
ඒ අනුව කුළුණ ඉදිකිරීම සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් ශ්‍රී ලංකා රජය 2012 වසරේදී ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගමට රුපියල් කෝටි 200ක මුදලක් ගෙවා ඇති බවත් පසුව කරන සොයාබැලීම්වලදී එවැනි සමාගමක් නැති බවට තොරතුරු අනාවරණය වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියා.
ඊට ප‍්‍රතිචාර දක්වමින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිට සිය නිළ ෆෙස්බුක් ගිණුමේ විශේෂ සටහන් දෙකක් තබා තිබෙනවා.
"නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ. නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග චීන සමාගම් දෙකක් ඒකාබද්ධ වී කටයුතු කරන ලදී එම සමාගම් දෙක නම් national electronics import and export corporation (CEIEC) සහ aerospace long march international trading company (ALIT). සමාගම් දෙකට ඉදිකිරීම සඳහා දෙදහස් 10 ඔක්තෝම්බර් 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.. නෙළුම් කුලුනේ ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ALIT සමාගමේ සභාපති වරයා ඇතුළු සමාගමේ අනිකුත් සාමාජිකයන් සමඟ ොරටු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයන්ට සාකච්ඡා කර ඇත.. මේ පිළිබඳ සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව මම දනිමි. එහි නිලධාරීන් විසින් මෙය නිවැරදි කළ යුතු ඇත .ALIT සමාගමේ සභාපති වරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්. ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවරALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් ද මෙහි පළ කර ඇත."
"මා විසින් ලියන ලද පෙර සටහනට වැඩිමනත් වශයෙනි.මේ සම්බන්ධයෙන් ඉදිරි සංදේශ නියාම කොමිසන් සබාවේ වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකුගෙන් වාචිකව විමසීම් කළෙමි. 2012 වර්ෂයේ මුල් අත්තිකාරම කැබිනට් අනුමැතිය සහ කොමිෂන් සභාවේ එකඟත්වය අනුව CEIEC සමාගමේ ගිණුම් අංකයට බිලියන 2 ක මුදල ගෙවීම් කර ඇත. 2012 වර්ෂයේ සිට මේ දක්වා එනම් 2019 වර්ෂය දක්වානෙළුම් කුළුණ ඉදි කිරීම සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුවා ට ගෙවන ගෙවීම් සිදුකර ඇත්තේ ද. CEIEC සමාගමේ එකම බැංකු ගිණුමකට සහ එකම ගිණුම් අංකය කටය මුදල් ගෙවීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන ඇත.මෙහිදී කිසිදු මුදල් වංචාවක් හෝ අවභාවිතාවක් සිදුනොවූ බව අදාළ නිලධාරීන් මා වෙත තහවුරු කළේය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මට පැවසිය හැක්කේ අතිගරු ජනාධිපතිතුමාට වැරදි තොරතුරු ලබාදුන් නිලධාරීන් දැන්වත් ඉදිරියට පැමිණ මෙය නිවැරදි කළ යුතුය. චීන තානාපතිවරයා ඉදිරියේ චීනයට සිදු වූ අවමානය ගැන මට ඇත්තේ බලවත් කණගාටුවකි."
726 Views
Comments