සූදුවේ සුද්දේ, පොලීසියේ 8ක් ගෙදර

හලාවත මූලස්ථාන පොලීසියට අනුයුක්ත කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 8කගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක ය.
සූදු ක්‍රීඩාවේ නිරත වූ පිරිසක් පසුගිය දිනක මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් පිරිසක් නිදහස් කර අනෙක් අයසතු මුදල් යතා ලෙස ලබාගත් බවට මෙම නිලධාරීන්ට එරෙහිව තොරතුරු අනාවරණය වී ඇත.
නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශන සිදු කර පසුව නිලධාරින්ගේ වැඩ තහනම් කළ බව පොලිස් නිවේදනයේ සඳහන් වේ.
663 Views
Comments