රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට වැඩ වරයි

විධායක සේවාවල පිරිස් අතර වැටුප් විෂමතාවයක් ඇති වන ආකාරයට වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන නිසා හෙට (18දා) උදේ 08.00 සිට පැය 24 වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
අදාළ කැබිනට් පත්‍රිකාවට අද (17දා) අනුමැතිය ලබා දී නොමැති වුවත් ලබන 24 වැනි දින කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත වීමට ඉඩ තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.
එදිනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුවහොත් 25 වැනි දින උදේ 08.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බවද කියා සිටියා.
647 Views
Comments