කිලෝ 15ක් බර ක්ලේමෝ බෝම්බ දෙකක් යාපනයේ ඉඩමකින් සොයාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

කිලෝ 15ක් බර ක්ලේමෝ බෝම්බ දෙකක් යාපනයේ ඉඩමකින් සොයාගැනේ

කිලෝ 15ක් බර ක්ලේමෝ බෝම්බ දෙකක් යාපනයේ ඉඩමකින් සොයාගැනේ

යාපනය කොන්ඩාවිල් වරණී ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ කිලෝ 15 ක බර ක්ලේමෝ බෝම්බ දෙකක් අද (14) පස්වරුවේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවා.

 

කිලිනොච්චි ප්‍රදේශයේ ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන ජොශප් පීටර් රොබිසන් නැමැත්තාගෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කිරීමේදී හෙළි කළ තොරතුරු මත මෙම බෝම්බ දෙක සොයා ගෙන තිබෙනවා.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එල්ටීටීඊ සාමාජිකයා ඔහුගේ බිරිඳ සහ සොහොයුරිය ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

views

704 Views

Comments

arrow-up