අරුවක්කාලු කසළ අංගනයේ පිපිරීමක් ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

අරුවක්කාලු කසළ අංගනයේ පිපිරීමක් ?

අරුවක්කාලු කසළ අංගනයේ පිපිරීමක් ?

අරුවක්කාලු කසළ අංගනයේ අද (07) රාත්‍රීයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

 

කසළ අංගනය ආසන්නයේ ඇති සේරක්කුලිය හා කරතිව් ගම්මාන වල ජනතාව දැඩි බියකට පත්ව ඇති බවත් පිපිරීමත් සමඟ දැවැන්ත ශබ්දයක් සහ අධික කම්පනයක් ඇති වූ බවත් ප්‍රදේශවාසීන් පවසනවා.

 

කසල අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කිරීම් වල නිරත වී ඇති බවත් මීතෙන් වායුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව නලයක පැස්සුමක පිපිරීමක් සිදුව ඇති බව එහි නිලධාරියෙකු පැවසුවා.

 

මෙම පිපිරීම රාත්‍රී  8.45 ත් 9.00 ත් අතර වේලාව තුළයි සිදුව තිබෙන්නේ.

 

සිද්ධියෙන් පසු ජනතාව දැඩි ලෙස නොසන්සුන් වි ඇති අතර බොහෝ පිරිසක් දැඩි කළබලකාරි තත්ත්වයෙන්  සිටි බවයි වාර්තා වන්නේ.

views

665 Views

Comments

arrow-up