මංගල රැළිවල පොස්ටර් රට පූරා ඇලවීමට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

මංගල රැළිවල පොස්ටර් රට පූරා ඇලවීමට අවසර

මංගල රැළිවල පොස්ටර් රට පූරා ඇලවීමට අවසර

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ දිග අඩි දෙකක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මෙය ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාවද වන බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවේදී සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

 

නාමයෝජනා භාරදීම ඊයේ සිදු වූ අතර එතැන් සිට සතියක කාලයක් පෙලපාලි යාම තහනම් වනවා.

 

එමෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී පුද්ගලයින් 11 දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කිරීමද තහනම් කර ඇති බවයි සභාපතිවරයා මෙහිදී සදහන් කළේ.

 

සෑම අපේක්ෂකයකුටම සිය මංගල රැළිය පිලිබද දිවයින පුරා පෝස්ටර් ඇලවීමේ අවසරයක් ලබාදී තිබෙනවා.

 

එහෙත් ඉන් පසුව පැවැත්වෙන ජනහමු පිලිබද දැනුවත් කිරීමේ පොස්ටර් ඇලවිය හැකි වන්නේ අදාළ ප්‍රදේශයේ පමණයි.


 
ඡන්ද ප්‍රතිපල නිකුත්කර සතියක් යන තුරුද පෙලපාලි තහනම් වනවා.

 

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීයසභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

 

ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන සිකුරාදියි.

 

views

916 Views

Comments

arrow-up