තහනම් සංවිධානයකට අයත් ලාංකිකයන් සිව්දෙනෙකු බ්‍රිතාන්‍ය ගුවන් තොටේ දී අත්අඩංගුවට‍
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

තහනම් සංවිධානයකට අයත් ලාංකිකයන් සිව්දෙනෙකු බ්‍රිතාන්‍ය ගුවන් තොටේ දී අත්අඩංගුවට‍

තහනම් සංවිධානයකට අයත් ලාංකිකයන් සිව්දෙනෙකු බ්‍රිතාන්‍ය ගුවන් තොටේ දී අත්අඩංගුවට‍

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැක කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනකු ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිනයන් හිදී මොවුන් අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් අතර කාන්තාවක ද සිටින බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසනවා.

 

කාන්තාව වයස අවුරුදු  35 ක තැනැත්තියක් වන අතර අනෙක් තිදෙනා අවුරුදු 35,39 සහ 41 වයසේ පසුවනවා.

 

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට 1984 පොලිස් සහ අපරාධ සාක්ෂි පනත යටතේයි.

 

2000 වර්ෂයේ ත්‍රස්තවාදී පනත යටතේ පිරිමි පුද්ගලයින් තිදෙනා බන්ධනාගාර ගතකර ඇති අතර කාන්තාව ඇප පිට මුදාහැර ඇති බවද බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

views

648 Views

Comments

arrow-up