දුම්රිය වැඩවර්ජනය අවසන් වුවත් හමුදාව පුහුණු කිරීම දිගටම

අද පෙරවරුවේ ධාවනය කෙරෙන කාර්යාලීය දුම්රිය සියයට 90 ක් පමණ අද (08) දිනයේ ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු පවසනවා.
දුම්රිය වැඩවර්ජනය අවසන් වුව ද යුද හමුදා සාමාජිකයන්ට දුම්රිය ධාවනය කරවීම සඳහා පුහුණුවීමක් ලබා දීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත සදහන් කළේ.
ඊට අවශ්‍ය ලියකියවිලි මේ වන විට හුවමාරු කරගෙන ඇති බවත් කොටස් තුනක් යටතේ රියදුරන් 10 දෙනෙක්, නියාමකවරුන් 10 දෙනෙක් සහ ස්ථානාධිපතිවරුන් 10ක් ආදී වශයෙන් මෙම පුහුණු කිරීම් සිදුවෙනු ඇති බවද සඳහන් කළා.
ඒ අනුව ඉදිරි මාස කිහිපයක් ඇතුළත පුහුණු දුම්රිය රියදුරන් හමුදාවෙන් බිහිවෙනු ඇති බවද සඳහන් කළා.
693 Views
Comments