රජයේ මාධ්‍යවලට අනතුරු ඇගවීමක්

ඇතැම් රජයේ මාධ්‍ය ආයතන විසින් ජනාධිපතිවරණ සමයේ සිදුකරනු ලබන ඒකපාර්ශවීය පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් එම ආයතන වෙත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද(16) අනතුරු අගවනු ලැබුවා. ඒ අද පැවති මාද්‍ය හමුවකදි .
මෙහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී එම ආයතන වෙත මේ පිලිබදව ලිඛිතව දැනුම් දෙන බවයි . එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රජයේ මාධ්‍ය ආයතන නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි පියවර ගැනීමට ක්‍රියා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
රාජ්‍ය මාධ්‍ය ආයතන අවභාවිතාව සිදුකිරීම සම්බන්ධයෙන් දිනකට පණිවිඩ බොහෝ ප්‍රමාණයක් තමන් වෙත ලැබෙන බවත්, රජයේ මාධ්‍ය ආයතන වෙත සිදුකරනු ලබන අවසාන නිවේදනය මෙය බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.
730 Views
Comments