අත සහ පොහොට්ටුව ගිවිස ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

අත සහ පොහොට්ටුව ගිවිස ගනී

අත සහ පොහොට්ටුව ගිවිස ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර  අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අත්සන් තැබුණා.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි  මහලේකම් දයාසිරි ජයසේකර සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සහ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබීමට එක්වුණා.

 

මෙම ගිවිසුම් අත්සන් තැබීම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පෙරවරු 10.42ට පමණ යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණා.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, නිදහස් පක්ෂ   ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

views

771 Views

Comments

arrow-up