දින 180කට වඩා සේවා කළ රාජ්‍ය සේවකයින් ස්ථිර කිරීමට කැබිනට් අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

දින 180කට වඩා සේවා කළ රාජ්‍ය සේවකයින් ස්ථිර කිරීමට කැබිනට් අනුමැතිය

දින 180කට වඩා සේවා කළ රාජ්‍ය සේවකයින් ස්ථිර කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුව තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

 

රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේදී එහි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට හා චක‍්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප‍්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයින්ට මෙසේ ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතයි.

 

ඒ අනුව රාජ්‍ය ආයතවල දින 180කට වඩා සේවය කර ඇති සේවකයන්ට අවශ්‍ය සුදුසුකම් ලබන මස 01 වැනිදා වන විට සම්පූර්ණ කිරීම මත, ස්ථිර හා විශ‍්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට නියමිතයි.

 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

views

921 Views

Comments

arrow-up