ඉතාලියත් වසඟ කළ ලාංකීය සිනහව " සෙව්මි "
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

ඉතාලියත් වසඟ කළ ලාංකීය සිනහව " සෙව්මි "

ඉතාලියත් වසඟ කළ ලාංකීය  සිනහව " සෙව්මි "

මීට අවුරුදු 30 කට කලින් ඉතාලියට සංක්රමණය වූ   ශ්‍රී  ලාංකික යුවලකට දාව පාදුවා හි උපන් සෙව්මි තාරකා ප්රනාන්දු මිස් ඉටලියා අවසන් තරගයේ තෙවන ස්ථානයට පත් වෙන්නේ ඇගේ සුන්දර සිනහවට හිමි " මිස් ස්මයිල්" කිරුළ ඇගේ නම ඉදිරියේ සටහන් කරගනිමින්.

 

 


විසි හැවිරිදි වියේ පසු වෙන සෙව්මි ඉතාලියේ රූපලාවණ් පිළිබඳව ඩිප්ලෝමා ධාරිනියක් වන අතර වෙනෙටෝ ප්රාන්තයේ කිරුළ හිමි කර ගැනීමෙන් පසු කලාපීය තරගකාරිනියන් 187 දෙනෙකු අතරින් අවසන් 80 දෙනා අතරට තේරී පත් වූවාය.

 


මෙයට පෙර අවස්ථා ගණනාවකම ඇය ඉතාලියේ පැවති තරග සදහා ඉදිරිපත්ව  ජයග්‍රහණයන්    ගණනාවක් ලබා තිබෙනවා.ඇගේ ජයග්‍රහණයත් සමග ශ්‍රී  ලාංකේය සිනහව පිළිබඳව රොබට් නොක්ස් මහතා තැබූ " ශ්‍රි  ලංකාවේ මිනිසුන් ගේ මා ලැබූ හොදම අත්දැකීම නම් ඔවුන් ගේ අව්‍යාජ සුන්දර සිනහවයි " යන සටහන මතක් වුණා.  ශ්‍රි  ලාංකේය සිනහව ලොවට ගෙන ගිය සෙව්මි සුබ පැතුම්.

 

views

3499 Views

Comments

arrow-up