SEP
11
කිරිපිටිවලටත් මිල සූත්‍රය කැරකෙන්න ලෑස්තියි

කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමව තිබෙනවා.. ඒ අනුව නව මිල සුත්‍රය අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කිරිපිටි සදහා ද මිල සුත්‍රය අනුමත වීමත් සමඟ මින් ඉදිරියට කිරිපිටි මිල සංශෝධනය සිදු කෙරෙන්නේ මිල සුත්‍රය හරහායි.
ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ගණන් උච්ඡාවචනය සැලකිල්ලට ගෙන මෙම මිල සුත්‍රය හරහා දේශීය වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් තීරණය කෙරෙන බව ජීවන වියදම් කමිටුව සඳහන් කරනවා.
625 Views
Comments