ටෝගෝ හා ශ්‍රී ලංකා ජනපතිවරුන් අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbé ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ටෝගෝ ජනාධිපතිතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහි දී කියා සිටියේ ටෝගෝ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතාවල වර්ධනයට මනා රුකුලක් බවයි.
ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග හමුවකට තමා එක්වන බව මෙහිදී පැවසු ටෝගෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා තමා එහි දී ආරාධනා කරන බවත් විශේෂයෙන් ඇගලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට වැඩි අයෝජන අවස්ථා උදා කරදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බවත් සඳහන් කළා.
717 Views
Comments