රොකට් තාක්ෂණයෙන් වැඩ කරන හදවත්

මෙය චීන අභ්‍යවකාශ තාක්‍ෂණයෙන් බල ගැන්වෙන කුඩා, සැහැල්ලු හා ලාභදායී කෘතිම හදවතක්. එය රොකට් පද්ධතියකින් චුම්බක හා තරල උරා ගැනීම භාවිතා කෙරනෙවා. මෙම උපකරණය වසර දෙකක් තුළ විකිණීම සඳහා අනුමත කිරීමට අපේක්ෂා කෙරෙනවා.
අභ්‍යවකාශ තාක්‍ෂණය සහිත රෝගීන් සඳහා භාවිතා කරන චීන කෘතිම හෘද ආකෘතිය මේ වසර අවසන් වන විට සායනික පර්යේෂණ සඳහා යොමුවනු ඇතැයි එහි සංවර්ධකයා පවසනවා. වෙළඳපොළට පැමිණි පසු, චීනයේ මිලියන සංඛ්‍යාත ජනතාවගෙන් දුර්වල හදවත් වලින් පෙළෙන අයට එය උපකාරී වනු ඇති.
රටේ ප්‍රමුඛතම රොකට් නිෂ්පාදකයා වන China Academy of Launch Vehicle Technology විද්‍යාගාරය යටතේ විද්‍යාඥයින් විසින් වැඩි දියුණු කරන ලද HeartCon නම් කෘතිම හදවත බර ග්‍රෑම් 180 ක් පමණක් වන අතර එය අතක ප්‍රමාණයටත් වඩා කුඩා වනවා.
මුල් හෘද අවයව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මිනිසෙකු තුළට බද්ධ කිරීමෙන් පසු එය මුළු ශරීරයටම රුධිරය ලබා දෙන පොම්පයක් ලෙස ක්‍රියා කරන බව ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු ෂු ජියාන් පවසනවා. කෘතිම හදවත ක්‍රියා කරන්නේ හයිඩ්‍රොලික් පොම්පයක් මගින් ධාවනය වන රොකට්ටුවක servomechanism කට සමානයි.
servomechanism යනු ප්‍රතිපෝෂණය භාවිතයෙන් අපේක්ෂිත මෙහෙයුමක් පාලනය කිරීම සඳහා භාවිතා කරන උපකරණයකි.
"රොකට්ටුවක ඇති servomechanism වේගය හා බලය පිළිබඳ ඉහළ අවශ්‍යතා ඇති අතර කෘතිම හදවත ආරක්ෂාව හා සුවපහසුව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බැවින් සහ උපකරණය කුඩා වන නිසා එය සවි කළ හැකියි."
විද්‍යාඥයින් 2009 දී කෘතිම හදවත සංවර්ධනය කිරීමට පටන් ගත්තා. ඔවුන් රොකට් සර්වෝ තාක්‍ෂණයේ (Rocket servo technology) භාවිතා කරන චුම්බක හා fluid levitation භාවිතා කළ හැකි කශේරුකා ආධාරක උපකරණයක් (Third-generation ventricular assistive device) නිපදවීමට භාවිතා කළා.
බොහෝ සත්ව අත්හදා බැලීම් වලදී HeartCon පරීක්ෂාවට ලක්කළා. 2013 දී, කෘතිම හදවතක් ඇති බැටළුවෙකු දින 120 ක් ජීවත් වී තිබෙනවා. අවුරුදු දෙකකට පසු, හදවත් බැටළුවන් තිදෙනෙකුගේ තැන්පත් කර ඇති අතර, සියල්ලෝම දිවි ගලවා ගත් අතර, එයින් පෙන්නුම් කළේ උපාංගය නිෂ්පාදනයට සූදානම් බවයි.
2017 දී විද්‍යාඥයින් විසින් HeartCon උපකරණය බැටළුවන් හය දෙනෙකුට සවි කර නව වාර්තාවක් තැබූ අතර ඉන් එක් අයෙකු දින 180 ක් දිවි ගලවා ගත්තා.
මිනිසුන් තුළ ද HeartCon උපකරණය සාර්ථකත්වය අත්කර ගෙන තිබෙනවා. මේ වසරේ මාර්තු මාසයේදී ටියැන්ජින් හිදී 39 හැවිරිදි පිරිමියෙකු සහ 62 හැවිරිදි කාන්තාවක සමඟ කළ සැත්කම හෘද රෝගීන් සමඟ බද්ධ කළ පළමු වතාවයි. ඔවුන් දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවනවා.
රෝගීන් බේරා ගන්නා පළමු චීන කෘතිම හදවත මෙය නොවේ. 2017 දී චීනයේ ප්‍රමුඛතම රෝහලක් වන බීජිං හි ෆුවයි රෝහලේ වෛද්‍යවරු හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ඔවුන් වර්ධනය කළ කෘතිම හදවත් වලින් රෝගීන් තිදෙනෙකු බේරා ගත්තා.
චීනයේ අවම වශයෙන් දුර්වල හදවත් ඇති ජනතාව මිලියන 10 ක් සිටින අතර වයස්ගත ජනගහනය හේතුවෙන් එම සංඛ්‍යාව වැඩිවෙමින් පවතිනවා.
ඖෂධවලට එතරම් බලපෑමක් නැති අතර හෘද බද්ධ කිරීම එකම විසඳුම බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ. කෙසේ වෙතත්, අවයව බද්ධ කිරීමට පරිත්‍යාගශීලීන්ගේ හිඟයක් ඇති බව පීකිං විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා මධ්‍යස්ථානයේ හෘද රෝග විශේෂඥ රෙන් වැන්ෆෙන්ග් පවසනවා.
ආනයනික කෘතිම හදවතක් ලබා ගැනීම සඳහා බොහෝ රෝගීන්ට විදෙස් ගත වීමට සිදු වූ අතර එය ඇමෙරිකා ඩොලර් 100,000 ක් තරම් ඉහළ අගයක් වනවා. පර්යේෂකයන්ට අනුව, චීනයේ වැඩි රෝගීන්ට ප්‍රතිලාභ ගෙන දෙන HeartCon හාට්කොන් මිල අඩු වනු ඇති.
HeartCon වසර දෙකක් තුළ විකිණීම සඳහා අනුමත කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
891 Views
Comments