අගමැතිට යළි සිතාසි

වත්මන් රජයේ වංචා හා දූෂණ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තමන්ට හෙට දිනයේ පෙනී සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබුණා.
කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ පිළිබඳව ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කොමිසමට දැනුම් දුන් බවයි.
මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇති බවට පවසමින්, මෙම දැනුම්දීම සිදුකර තිබුණා.
ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාට ලබන 16 වනදා උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත් කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීමටයි සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට මෙම කැඳවීම කර තිබෙන්නේ.
1229 Views
Comments